වයස 30 ට අඩු දෙදෙනෙක් සමඟ ඉරිදා (27) කොවිඩ් මරණ 41 ක්

කොවිඩ් ආසාදිතවූ තවත් 41 දෙනකු ඉරිදා (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (28) තහවුරු කළේය.
මේ සමඟ මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,985 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අය අතර 33 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 06 ක් සහ වයස 30ට අඩු දෙදෙනකු ද මියගිය අය අතර වෙයි.