තුරුණු කිවිදියක් දුටු “මඟ හැරුණු මල”

Read Time:1 Minute, 50 Second

කවියා වූ කලී නිර්මාණකරුවෙකි. කවියා තම කාව්‍ය නිර්මාණකරණයේ යෙදෙනුයේ තම පසිඳුරන්ට ගොදුරුවන සැබෑ ලෝකයේ අත්දැකීම් ආශ්‍රය-නිශ්‍රය කරගනිමිනි. එහෙත් එය සැබෑ ලෝකය නොව මනඃකල්පිත ලෝකයකි. කවියාට එහි සැරි සැරීමට හැකිවන්නේ මනසින් පමණි. කවියාගේ එම මනසේ ක්‍රියාකාරීත්වය නිසයි සුඛ-දුක්ඛ , දෝමනස්සයන් යනාදී හැඟීම් දැනවීමෙන් හදවත සසල කරවන අපූරු වින්දනයක් අත්විඳීමට වින්දකයාට හැකියාව ලැබී තිබේ.
තුරුණු ප්‍රතිභාපූර්ණ කිවිදියක වන චාමලී සමන්තා නවරත්න විසින් රචිත “මඟ හැරණු මල”මෙම කාව්‍යයේද කිසියම් වූ අපූරු වින්දනයක් බව මට හැගේ . එය ඔබේ රසවින්දනය පිණිස මෙසේය.
මග හැරුණු මල
පෙම්න් පිරි ලිය
මලින් බර කළ
නුරා වදනින් දැහැන් බිඳ හළ
නුඹ ගසක් මැ යි
විසල් සෙවණ ද සිසිල අඩු නැති
නිසලව ම මඟ රැදී,
පෙමින් මුසපත් කරන
පිපී නුඹෙ අතු මත
සුවඳ දී රැඳුන ද නුඹ අස
වැළඳ හිඳි ළිය ගොමු හා එක්ව
දිනෙන් දින දුරක යන නුඹ දැක දැක ම
හැඟුම් විරහිතව ම
විඩාබරව වියපත් වුණෙමි
නුඹ නොදත් පෙමක් පුරාගෙන හද
පර වුව ද නුඹෙ දෙපා අබියස
නුඹේ වත දෙස ඇහැ තියාගෙන
දහස්වර මිය යමින් අතහරින
නුඹට අමතක
මඟ හැරුණු මල මං
~ චාමලී සමන්තිකා නවරත්න
– ඇතිපොළ මංගල හිමි 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

7 thoughts on “තුරුණු කිවිදියක් දුටු “මඟ හැරුණු මල”

Leave a Reply

Your email address will not be published.

Previous post අද(23) උදේ 6 යේ සිට තවත් ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදකළා කරයි
Next post මිහිඳු හිමිට කියමි