“රුපියල් දහසේ පොහොර මිටිය පන්දහසට විකුණනවා“ කැබිතිගොල්ලෑව ගොවීහු කියති

Read Time:4 Minute, 34 Second

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය අංක 47 පූනෑව තුලානේ නාගදරණවැව ගොවීන් මේ දිනවල තම වී ගොවිතැන සඳහා පොහොර නැතිකමින් දැඩි ලෙස අසරණ වී සිටින බවත් මෙවර යල් කන්නය වෙනුවෙන් වී වගා කර ඇති කුඹුරු අක්කර 400ක් පමණ නිසි කලට පොහොර නැතිකමින් අත්හැර දැමීමට සිදුව ඇති බවටත් ගොවීහු කියා සිටිති.
මෙවර දිවයිනේ වී වගා සිදු කරන ප්‍රදේශවල නිසි අයුරින් ජල පෝෂිත ප්‍රමාණවත් ලෙස පිරී පවතින බවත් විටෙන් විට ලැබෙන වර්ෂාව වී ගොවිතැනට උචිත බවත් ස්වභාවධර්මය ගොවියාට ආශිර්වාදයක් වූ කල ආණ්ඩුව පොහොර නොදී ගොවියා අසරණ කර ඇති බවට ගොවීහු චෝදනා කරති.
රජය කෘෂි රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ දිවයින පුරා මහා පරිමාණයේ කළු කඩ හිමිකරුවන් තම පෞද්ගලික ගබඩා තුළ පොහොර සඟවා තබා ගනිමින් වෙළෙඳපොළේ මේ වන විට දැඩි පොහොර හිඟයක් නිර්මාණය කර ඇත.
ඒ හරහා යල කන්නය වෙනුවෙන් නිකුත් කිරීමට නියමිතව තිබූ පොහොර සහනාධාරය ද රජය නිසි අයුරිනි සැපයීමට මේ වන විට අපොහොසත් වී තිබේ.ඒ අනූව රුපියල් 1000ක් වටිනා පොහොර මිටිය රුපියල් 5000කට අලවි කරන බවට ගොවීහු කියති.
මෙවැනි තත්ත්වයක් දිගින් දිගටම පැවතියහොත් ගොවින් හට දිවි නසා ගැනීමට සිදු වන බවත් මේ වන විට වෙළෙඳපොළේ සහල් මිල ඉතා ඉහළ අගයකට ගොස් ඇති අතර යල කන්නයේ කුඹුරු ගොවීන් අත් හැරීම හේතුවෙන් ලබන වර්ෂය වන විට සහල් මිල ජනතාවට මෙන්ම රජයට පාලනය කර ගැනීමට නොහැකි තරම් මිල ඉහළ යා හැකි බව ගොවීහු පෙන්වා දෙති.
සුජීව සෝමපාල ගොවි මහතා,
“අපි මේ වගා කරන යල කන්නයේ වී ගොවිතැනට දැන් තියෙන තත්ත්වය අනූව පොහොර නිකම් එපා. සාධාරණ මුදලට පොහොර මිල දී ගන්න පුළුවන් ක්‍රමවේදයක් අපට හදලා දෙන්න කියලයි අපි රජයෙන් ඉල්ලන්නේ. කළු කඩකාරයෝ රුපියල් 1000ට ගන්න තියෙන පොහොර මිටිය රුපියල් 5000ට විකුණනවා. සෙනඟ වැඩි වුණාම තවත් මිල වැඩි කරන්න ආයේ පොහොර නෑ කියනවා. අපිට නිසි කලට පොහොර ලබා දෙන්න. නැත්නම් මේ ගොවිතැන අතහරින්න තමයි සිදු වෙන්නේ. මේ ගොවිතැනට දින 20යි දැන්. පොහොර ඇටයක් නෑ. ගොයම් ගස් අවර්ණ වෙලා. බාල වෙලා. පොහොර නැතිකමයි මේ සියල්ලටම හේතුව. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ අපේ දුක බලලා පොහොර ටික ලබා දෙන්න කියලයි. වෙන මොනවත් අපට එපා.”
නිමල් ජයසූරිය ගොවි මහතා,
“අපි මේ අමුඩය ගසාගෙන කර්කශ පොළොවත් එක්ක මහන්සි වෙලා රටට එවන සහල් තමයි ඔය කට්ටිය ටයි කෝට් දාගෙන ලොකු ලොකු හෝටල්වලට ගිහින් හැඳි ගෑරප්පුවලින් කන්නේ. එයාලට ඒක කාලා ඉවර වුණාම අමතකයි ගොවියා ගැන. අපිට පොහොර ලබා දෙන්න. මේ ගොයමට දැන් දින 20යි. අවශ්‍ය කාලයට පොහොර දාන්න බැරි වුණොත් මේ වගාව අත හරින්න තමයි සිදු වෙන්නේ.”ජී. පුංචි බණ්ඩා ගොවි මහතා,”අපි කුලී වැඩ කරලා හම්බ කරපු මුදල්වලිනුයි මේ කුඹුරු කරන්නේ. දැන් මේවට පොහොර නැතුව අපි හූල්ලනවා. මේ ගොයම් විනාශ වුණොත් පොහොර නැතුව අපිට වෙන්නේ එල්ලිලා මැරෙන්න. අපි ගොවිතැන් කරන්නේ අපේ දරුවන්ගේ බඩ පුරවන්න විතරක් නොවේ. සමස්ත රටේම ජනතාවගේ කුස ගින්න නිවන්නයි. එහෙවු ගොවියා අද රජය පොහොර නොදී අසරණ කරලා.”
-එස්. ජී. උබේපාල – කැබිතිගොල්ලෑව

Rate Katha – රටේ කතා

https://www.facebook.com/Rate-Katha

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

One thought on ““රුපියල් දහසේ පොහොර මිටිය පන්දහසට විකුණනවා“ කැබිතිගොල්ලෑව ගොවීහු කියති

Leave a Reply

Your email address will not be published.

Previous post ගස්ලබු තම්බා ආහාරයට ගන්නා අලිවංගුව ගම්මානයේ ජනතාව
Next post කොවිඩ් මරණ 101 ක්, සමස්ත මරණ 2000 පසු කරයි