අද සිට පෞද්ගලික බැංකු දින 7 ක් වසා දමයි

අද (07) සිට සතියක කාලයක් පුරාවට මෙරට පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් සාමාන්‍ය බැංකු සේවා සඳහා තම සියලුම ශාඛාවන් වසා තබන බව දැනුම් දී තිබේ.
මේ වන විට රටේ පවතින සංචරණ සීමාවන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව එම බැංකු සඳහන් කරයි.
මේ අනුව කොමර්ෂල්, සම්පත්, සෙලාන්, DFCC , නේෂන්ස් ට්‍රස්ට්, අමානා, යූනියන් බැංකුව මෙලෙස සතිය පුරාවටම සිය ශාඛා ජාලය වසා තබන බවට දැනුම් දී සිටින අතර හෙට සහ අනිද්දා දිනයන් හිදී සිය ශාඛාවන් වසා තබන බවයි හැටන් නැෂනල් බැංකුව ප්‍රකාශ කළේ.
මෙම බැංකු සිය ගනුදෙනු කරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ගනුදෙනු සඳහා සිය ඩිජිටල් බැංකු සේවා යොදා ගන්නා ලෙසයි.