නැවේ භාණ්ඩ එකතු කළ පුද්ලයින් 08 අත්අඩංගුවට

පසුගිය දින දෙක තුළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී වෙරළට ගොඩ ගසාගෙන ආ භාණ්ඩ එකතු කළ පුද්ලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ය.
පමුණුගමුව, දුන්ගල්පිටිය, මීගමුව සහ කොච්චිකඩේ යන වෙරළ ආශ්රිත ප්රදේශන්වලදී එම මෙහෙයුම් සිදුකර තිබේ.
එලෙස එකතු කරන ලද භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිටියදී ලොරි රථයක් ද එහිදී පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධ ලැබී ඇති වීඩියෝ දර්ශන සහ ඡායාරුප අධ්‍යයනය කරමින් අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
ඊයේ දිනයේ මෙම පිරිස් විසින් සංචරණ සීමා ද උල්ලංඝනය කරන අයුරු වීඩියෝ දර්ශන මගින් ද නිරීක්ෂණය වූ බව අජිත් රෝහණ පැවසීය.