නව නීතිපති සංජය රාජරත්නම්, පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

නව නීතිපතිවරයා ලෙස වැඩබලන සොලිසිටර් ජනරාල් සංජේ රාජරත්නම් පත් කිරීමට, පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිවී තිබේ.
නීතිපති ධුරය සඳහා වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රාජරත්නම්ගේ නම පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණය සඳහා යොමු කෙරුණු බව පසුගිය 7 වනදා කතානායකවරයා පැවසී ය.
මේ අතර පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළකළ බව බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
එම තීරණය ගනු ලැබුවේ අද (20) පාර්ලිමේන්තුවේදී පැවති පාර්ලිමේන්තු සභා රැස්වීමේදීය.
එම රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන පිරිස සහභාගී වූහ.