බෝගම්බර පැරණි බන්ධනාගාරයේ 104 කට කොරෝනා

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් 104 දෙනකුට කොරෝනා වයිසරය ආසාදිතයන් බවට තහවුරු වී ඇති බවයි.
රැඳවියන් 211 දෙනකුට කරන ලද PCR පරීක්ෂණ අතුරින් ආසාදිත රැඳවියන් 104 හඳුනාගෙන තිබේ.
මෙම බෝගම්බර පැරණි බන්ධනාගාරය තුළ මේ වන විට රැඳවියන් 536 දෙනකු රඳවා සිටියි. මෙම ඉතිරි රැඳවියන් පිරිසටද කඩිනමින් PCR .පරීක්ෂණ සිදුකිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර ප්රකාශකයෙක් පවසයි .
මෙම කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රැඳවියන් 104 දෙනා යාපනය බන්ධනාගාරය වෙත මාරු කර යැවූ බව ද වාර්තා වේ.