හිටපු මන්ත්රී තුරේරත්නසිංහම් කොවිඩ් ආසාදනයවීමෙන් මිය යයි

කොවිඩ් ආසාදනය වී කන්තලේ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වූ ඒ තුරෙයි රත්නසිංහම් කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් ඇත .
2002 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා තුරේ රත්නසිංහම් මහතා ත්රිකුණාමලය දිස්ත්රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වී වසර 8 ක් මන්ත්රී ධූරයේ කටයුතු කළේය .
කොවිඩ් ආසාදනය වීමෙන් මිය ගිය දෙවැනි මන්ත්රීවරයා තුරේරත්නසිංහම් මහතාය.
හිටපු කතානායකවරයෙකු වූ වි.ජ.මු.ලොකුබණ්ඩාර ද පසුගිය දා කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත් විය.