පනත් කෙටුම්පතේ කොටසකට ජනමත විචාරණයක් ඕනෑ

Read Time:2 Minute, 47 Second

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.
මේ අනුව එම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් එය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබේ.
අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කොට තිබූ පෙත්සම් සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද පාර්ලිමේන්තුව දැනුවත් කරමින් මේ බව හෙලි කරන ලදී.
එම වගන්ති සංශෝධනය කිරීම කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර ඇති බවද පැවසෙයි..
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිටු 62ක් සමන්විතය.
එම තීන්දුව ලබාදී ඇත්තේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා ය.
මේ අතර ඊයේ (17) පස්වරුවේ දී අරලියගහ මන්දිරයේදී ආන්ඩුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් කැඳවූ අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී 19 සහ 20 දිනවල විවාදයට ගැනෙන කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සියල්ලගේ සහය ඉල්ලා ඇත..
මෙම හමුවේදී වරාය නගර පනත් කෙටුම්පතේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය ජී එල් පීරිස් විසින් ද, එහි ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ ගැන රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් විසින්ද දීර්ඝ පැහැදිලි කිරීම් ද කර ඇත.
මෙම හමුවට මහින්ද අමරවීර, විමල් වීරවංශ, සාගර කාරියවසම්, ජීවන තොන්ඩමන්, වාසුදේව නානයක්කාර, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, වීරසුමන වීරසිංහ, දයාසිරි ජයසේකර , ගෙවිඳු කුමාරතුංග, ටිරාන් අලස් යන පක්ෂ නායකයෝ ඊට සහභාගි තිබේ.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post අද (17) දිනයේ කොවිඩ් මරණ 19ක්
Next post හිටපු මන්ත්‍රී තුරේරත්නසිංහම් කොවිඩ් ආසාදනයවීමෙන් මිය යයි