හෙට(13) රාත්‍රී 11 සිට දිවයින පුරා සංචරණ සීමා පැනවෙයි

මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා සංචරණ සීමා පැනවෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
එළවළු, පලතුරු ප්‍රවාහනය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි බව සඳහන් කරයි.
මේ අතර මෙලෙස සංචරණ සීමා පැනවුවද එම කාලය තුළ දී දැනට බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන දිගටම ක්‍රියාත්මක කෙරෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසයි.