සජිත් වෙනුවෙන් හරීන් මැරෙන්න තීරණය කරයි – අඟහරුවාදා සිට උපවාසයේ

සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය නොදුනහොත් තමන් පැදුරක් එලාගෙන අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවසේ උපවාසයකට වාඩිවන බව ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබේ. ඒ සඳහා ලබන සදුදා වන තෙක් කල් දෙන බවත් අඟහරුවාදා දින මෙම උපවාසය ආරම්භ කරන බවත් ඔහු සඳහන් කර ඇත.
ඇමැතිවරයා එසේ පැවසීමත් සමඟ තවත් 10-15 ක පමණ පිරිසක් තමන් ද ඊට එක්වන බව කියමින් ඔහුව දිරිගන්වා තිබේ.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී මන්ත්‍රී පිරිසක් සමගින් සුජීව සේනසිංහ මහතාගේ ඥාති නිවසක පැවැති සාකච්ඡාවකදීය.