කෝච්චි, බස්, කාර්බාර් වගේ ජාති පොලිස් කොරනවාට අමතරව ප්රොජාවද මක්කද කියන එක පොලිස් කොරන රාජකාරිත් මුන්නැහැට පැවරුවලු නේද? අනේ වාසනාවන්. අපෙ අප්පොට දලදා හාමුදුරුවන්ගෙම පිහිටයි. කන්ද උඩරට නිලමෙ පරපුරේ මහා තේජස නිසාම මිසක සීනියර් පොරවල් බුරුතු පිටින් බකංනිලාගෙන ඉද්දි තමුන්නැහැ වගේ ජූනියරයෙකුට මේ වගේ ඩබල් ප්‍රමෝසන් හම්බවෙන්නෙ මොන දීපංකරේකද? අනිත් අතට ලේසිපාසු රාජකාරියක්ද අපෙ අප්පෝ මේ වංගියෙත් බාර දීලා තියෙන්නෙ. බෙල්ල ගහල ගියත් ඕනම මරාලෙකට කරගහන රෝහිතලා-මහින්දානන්දලා කන කටු දිහා බලපුවහම දිලුම් දරුවනං දිනුම්ම තමා.
කල්පනා කොරල බලනකොට කිසිම බයක් හැකක් නැතුව කියන්න ඇහැකි කතාව තමා ඔය එක එක ජාතියෙ පදවි- තානාන්තර නොතිබුණ කාලෙ වුණත් දිලුම් ළමයගෙ ජනතා සේවයනං ඇබිංදකවත් අඩු වුණේ නෑ කියන එක. ආය මුසාවාදයක් දොඩනව හෙම නෙමේ ආයිබොවන්ඩ. කොටින්ම තමුන්නැහැලගෙම කියල ආණ්ඩුවක් නැති කාලෙ වුණත් කිසිම බයක් හැකක් නැතුව ඔහේලාගේ සටන්කාමි ලක්සන මු`ඵ රටටම ප්රොදර්සනේ කොරපු හැටි අපිට මතකනේ. දස මාර සේනාවක් එක්ක වුණත් පේස් ටු පේස් පයිට් එකක් දෙන්ඩ ඇහැකි දිලුන් පුතාලා වගේ කස්ටියට ප්‍රමෝසන් පිට ප්‍රොමෝසන් දෙන්ඩ අපේ සෑර් කවදාවත් පසුබට නොවන බව අපි හොඳාකාරවම දන්නවා. පැංසොං ගියත් තාමත් ඕනම ජාතියේ ක්‍රියාන්විතයක් දියත් කොරන්න දක්ස හමුදා ලොක්කන්ට අපේ සෑර් අදටත් සලකන්නෙ ඒකනේ.
තරහා අවසරයි ආයිබොවන්ඩ මුන්නැහැට අලුත පැවරුණ තානාන්තරේ ගැන රටේ උං කියන කතානං වස නරකයි. තමුන්නැහැලා ඇනගන්නවා දකින්න කෙළ හලන විරුද්ද පක්සෙ එකාලා තමා ඔය වගේ නොසන්ඩාල කතා පතුරුවනවා ඇත්තෙ. එක පිට එක කොරෝනා රැලි ගහද්දී මුන්නැහැ කෝච්චි-බස් ටික දුවවපු හැටි දැක්කහම විරුද්ද පක්සෙ විතරක් නෙමේ මුන්නැහැලගෙ පක්සෙ උංටත් උහුලගෙන ඉන්න අමාරු ඇති මයෙ හිතේ. අපරාදෙ කියන්ඩ බැහැ ආයිබොවන්ඩ අපි චූන්පාංකාරයා එනකං පාරෙ බලා ඉන්නකොටත් කෝච්චියි-බසුයි එකා පිට එකා නැගගෙන ඇවිත් අපිව බලෙන්ම නග්ගගන්ඩ හදනවා නොවැ.
අම්මප ආයිබොවන්ඩ කෝච්චි-බස් ප්රොවාහනේ පොලිස් කොරපු තාලෙටම ප්රොජා පොලිසියත් ලස්සනට පොලිස් කරල දුන්නොත් අපෙ සෑර් ඉක්මනටම ඔහේට ආයෙත් යුතුකං ඉස්ට කොරනවා සහතිකයි. අපි කියන හංදම නෙමේ දිලුන් මුන්නැහැලට පෝලින් ගැහිල කතිර ගහපු කන්ද උඩරට ජනතාව මුණගැහෙන්න ගිය වෙලාවක නිකමට වගේ අහලා බැලුවොත් නරකද සීනි, පොල්තෙල්, බටහිර ජැටි හා හාබර් සිටි ආදියෙන් තමුන්නැහැලාට වගේම සවුබාග්ගියක් උන්දැලාටත් උදාවෙලා තියේද කියලා. ආයෙ දෙකක් නැහැ ආයිබොවන්ඩ ඇසල පෙරහැරේ ගහන කසයක් ඔහේගේ අතට දීලා හිතේ හැටියට තලන්ඩ ආයිබොවන්ඩ කියලා උන්දැලාගේ පස්ස පැත්තවල් තමුන්නැහැ පැත්තට හරවනවා ඒකාන්තයි.
බෝනික්කෙක් වගේ හුරතල් අපෙ දි`ඵන් ළමයාට අර මුරුත්ටේට්ටුවෙ උන්නාන්සෙ හිට්ලර්වාදියා කියා බැණ අඬගහපු එකනං අන්තම බාලයි. කාපු බීපු වෙලාවක පොඩි ආතල් එකක් ගන්ඩ දීපු බණ ටෝක් එකක්ය කියලා ලොකු සෑර් අලුතෙන් පත් කොරපු මාද්දිය පොරකාසකයෙක් ලව්වා කියවල දැම්මනං ඉවරයි. ඔය දරුවා ඕවා මායිං නොකර ඇහැක් තරං වැඩකිඩ පෙන්නලා සෑර්ගේ හිත දිනාගන්ඩකො. හරියට ගොට්ට අල්ලනකොටම මහසෝනා වුණත් මෙල්ල වෙනවලු. මං හූනා කිව්වා වගේ කියන්නං කොල්ලෝ අද හෙටම අපේ බුදු සෑර් තමුන්ට මු`ඵ කැබිනට්ටුවම පොලිස් කොරන වැඩේ බාර දෙනවා සත්තයි●
විශ්ව මිත්‍ර
තවත් කෙනෙකුට කියවන්න Share කරන්න
Read Next
July 28, 2022
කොරෝනා නිසා ලෝකයේ මුලින්ම වසා දැමූ වූහාන් යලිත් වසයි
July 26, 2022
“අපිට ටිවිටර් පණිවිඩ නෑ, අපි මහමගට වැටුණු, ඒ නිසා අපි රනිල්ට ඡන්දෙ දුන්න”
July 10, 2022
ඉතිහාසයට එක්වන රාජපක්ෂ රෙජීමය මෙසිරිලක ජනයාට ලබා දෙන පාඩමක්
June 30, 2022
ඉන්දියානු සමාගම් රුසියාවෙන් කරන මිලදී ගැනීම් වලට චීන යුවාන් වලින් ගෙවයි
June 28, 2022
ඉන්දියාව අපට උදව් කරන්නේ ඇයි?
June 21, 2022
සෞඛ්‍ය අංශයට ඉන්ධන දෙන ස්ථාන
June 21, 2022
ජනතාවගේ ප්රශ්නවළට පිළිතුරු නැති පාර්ලිමේන්තුව කුමටද? විපක්ෂය නැගිට යයි
June 19, 2022
ඉන්ධන අර්බුදය හමුවේ රජරට සරසවියත් වසාදමයි
June 7, 2022
“මළසිරුරකත් ජීවී ගතියක් පේන පැත්තක් තියනව” මේවා කවදා ඔබේ අතට පත්කරන්න ලැබේදැයි නොදනිමි!
May 19, 2022
අන්තරේ පාගමනට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්