ඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් වෙයි

ඉන්දියාවේ පවතින තත්වය මත ඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම, අද(06) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
එහෙත් හුවමාරු ගුවන්තොටුපලක් ලෙස ලංකාවේ ගුවන්තොටුපල යොදාගැනීමට කිසිදු තහනමක් නැත.
පැතිර යන කොවිඩ් තත්ත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි එම තීරණය ගනු ලැබූ බවද සඳහන් කරයි.