
වඳ සැත්කම් කතාව රතන හිමිටත් පාරා වළල්ලක් වෙයි – තමන්ව බේරා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලයි
Read Time:1 Minute, 14 Second
ඉදිරියේදී තමන්ව අත් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි අතුරලියේ රතන හිමියෝ පවසති. ඒ සාෆි ෂිහාබ්ඩීන් වෛද්‍යවරයාට ජන සංහාර චෝදනා එල්ල කිරීම නිසා බවත්, වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන් චෝදනාවලින් නිදහස් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.
තමන්ව අත් අඩංගුවට ගැනීමට විරුද්ධව ලක්ෂ සංඛ්‍යාත ජනතාවට පාරට බහින්නැයි ආරාධනා කරන බවද උන්වහන්සේ ඉල්ලා සිටිති.
කෙසේ වෙතත් මේ පරීක්ෂණ ගණනාවකින්ම හෙළි වී ඇත්තේ වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන්ට එල්ල කළ චෝදන වලට කිසිදු පදනමක් හෝ සාක්ෂියක් නොමැති බවයි. ඒ අනුව වෛරී ප්‍රකාශ සිදු කිරීම යන චෝදනාව යටතේ අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති බව නීති විශ්ලේෂකයෝ පවසති.
Average Rating