රවී කරුණානායක, අර්ජුන් ඇලෝසියස් ඇතුළු 08 දෙනෙකු රිමාන්ඩ්

පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (17)පස්වරුවේ නියම කළේය.
රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 32කින් යුත් අධිචෝදනා පත‍්‍ර බාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් රිමාන්ඞ් බාරයට පත් කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.
දමිත් තොටවත්ත (සභාපති) මංජුල තිලකරත්න සහ මොහොමඞ් ඉර්ෂඞීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ මෙම විනිසුරු මඩුල්ල බැඳුම්කර වංචා නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කරන ලදී.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට අමතරව පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස්, එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පළිසේන, එහි සේවකයින් වන, චිත‍්‍රා රංජන් හුලූගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ පදුමනාදන් සහ ඉන්දික සමන් කුමාර නමැත්තන් මෙලෙස රිමාන්ඞ් බාරයට පත් කළ ය අතර වෙයි. මෙම නඩුවේ අනෙක් විත්තිකරුවන් වන ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති ලක්‍ෂමන් අර්ජුන් මහෙන්ද්‍රන්, සහ අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන් විදේශගතව සැඟවී සිටින බව ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප‍්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේය.
නඩුව ලබන 23 වැනිදා යළි කැවීමට නියමිතය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.