
බුරුම වැසියන් දැන් හරි වෙනස්
බුරුම වැසියන් පෙබරවාරි පළමු වෙනිදා මහ පාන්දරින් අවදි වෙලා වැඩට යද්දී බුරුමය හෙවත් මියැන්මාරය ආපසු අතීතයට ගොස් තිබුණා. ජනතා ඡන්දයෙන් තේරී පත් වූ අවුන් සාන් සුකීගේ ආණ්ඩුවේ නායකයන් නිවාස අඩස්සියට ගෙන හමුදාව බලය අල්ලාගෙන තිබුණා. මියැන්මාරයට ප්රජාතන්ත්රවාදයේ අරුණළු උදාවෙලා යන්තම් අවුරුදු 06 ක් ගත වුණා පමණයි. ඊට කළින් අවුරුදු 50ක්ම එරට පාලනය කළේ මිලිටරි ජුන්ටාව විසිනුයි.
කුමන්ත්රණයෙන් පස්සේ මිලිටරි නායකයා මේ පාරත් සුපුරුදු සෙල්ලම දාන්න තමයි ලෑස්ති වුණේ. ප්රජාතන්ත්රවාදය ඒ තරම් පුරුදු නැති මියැන්මාර මිනිස්සු දෙන දෙයක් කාලා වෙන දෙයක් බලා ගෙන ඉඳිවීයැයි උන්නැහේ හිතන්න ඇති. ලෝකය දැන් වෙනස් වෙලා බව මියැන්මාර මිලිටරි ජුන්ටාව දන්නෙ නෑ. තනියම ජීවත් වෙන්න බැරි බව ඔවුන් ඒ තරම් අප්ඩේට් වෙලත් නැහැ.
ප්රජාතන්ත්රවාදය හා නිදහස පුරුදු වුණාම මිනිස්සුන්ට ඒක දැනෙනවා. හොඳම මිලිටරි ආණ්ඩුවකට වඩා නරකම ප්රජාතන්ත්රවාදී පාලනය හොඳයි කියන්නේ ඒකයි. දවසක් ,දෙකක් ඉබේම ගෙවී ගියා. සමාජ මාධ්‍ය හරහා බුරුමයටත් අරාබි වසන්තයක් උදා වේව් කියලා හිතුන නිසා මිලිටරිය බලය ඇල්ලූ වහාම කළේ ඒවා තහනම් කරපු එක. ඒත් ගටක් තිබුණු කොල්ලො කෙල්ලෝ එකා දෙන්නා එකතු වුණා. මුලින් මුලින් සුකී මැතිණිය නිදහස් කරන්නැයි ඉල්ලා ආරම්භ වු පුංචි පුංචි පොකට් පිකටින් අද වන විට ධාරාණිපාත ජන ගංගාවක් වෙලා ඉවරයි. ලක්ෂ ගණන් විරෝධතාකරුවන් වීදි වලට බැස සිටිනවා.
විරෝධතා කරුවන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් විසි හැවිරිදි තරුණියක් මියයෑමත් සමඟ තත්ත්වය දරුණු වුණා. තැනින් තැන වැඩ වර්ජන ඇතිවුණා. වැඩ වර්ජකයන්ටත් හමුදාවේ තුවක්කු එල්ලවීමෙන් දෙදෙනෙකු මිය ගියා. ඒත් ඒක්කම මියැන්මාර හමුදාවේ Facebook පිටු සියල්ල අත් හිටුවීමට සකර්බර්ග් මහත්තයා කටයුතු කරල තිබෙනවා. යුරෝපා සංගමය, ඇමෙරිකා එක්සත් ජනපදය හා කැනඩාව දැනටමත් මිලිටරි ජුන්ටාවට සම්බාධක පනවා තිබෙනවා. මියැන්මාරයේ ප්රජාතන්ත්රවාදය නැවතත් ස්ථාපිත කළ යුතුයැයි ජපානය, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව යන රටවල් බල කර සිටිනවා. ජනතා කැමැත්තට ගරු කරන ලෙසත් හමුදා කුමන්ත්‍රණ වලට නූතන ලෝකයේ තැනක් නැති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරස් මහත්තයා කියා තිබෙනවා.
මේ අතර මියැන්මාර මිලිටරි ජුන්ටාව පසු පස චීනය සිටින බවට වූ ප්‍රචාරය විකාරයක් බව යැන්ගුන්හි චීන තානාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
“මෙය කිසිසේත්ම චීනය දකින්න කැමති දේ නෙවෙයි.” තානාපතිවරයා ප්‍රකාශ කළා.
අද වන විට මියැන්මාරය සම්පූර්ණයෙන්ම පාහේ අකර්මණ්‍ය වෙලා. හමුදාවේ තර්ජන පයිසෙකට මායිම් නොකර සේවකයන් ලක්ෂ ගණන් වැඩ වර්ජනය කරනවා.
මියැන්මාරයත් අපි වගේම ථේරවාදී බෞද්ධ රටක්. ඔවුන්ගේ නූතන පරම්පරාවට ප්රජාතන්ත්රවාදය ගැන මහ ලොකු අත්දැකීම් නැහැ. ඒත් ඔවුන් හරි වෙනස්. හමුදා ජුන්ටාවකට ඔවුන්ගේ පාරේ ඉඩ දීල අයින් වෙලා පයින් යන්න මේ ළදරු ප්රජාතන්ත්රවාදීන් දැන් සූදානම් නැහැ.
-ශානක ලියනගම (ලෝකය එකම යායක්)
In addition, astaxanthin induces apoptosis and reduces cancer hallmarks in both in vitro and in vivo models of oral squamous cell carcinoma via the inhibition of PI3K and p Akt, and their downstream targets NF ОєB and STAT3 109 cialis generic