
‘බොදු බල සේනාවත් අන්තවාදී සංවිධානයක් ‘
Read Time:1 Minute, 11 Second
බොදු බල සේනා සංවිධානය අන්තවාදී සංවිධානයක් හැටියට පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම නිගමනය කර තිබේ. ඒ අතර අප්‍රේල් 21 ප්‍රහාරයට බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරකම් හා මතවාද ද හේතු වී ඇතැයි කොමිසම වැඩිදුරටත් නිගමනය කර ඇත.
අප්‍රේල් 21 ප්‍රහාරය සිදුවීමෙන් පසු මහජන විරෝධතා කඩාකප්පල්කාරී ක්‍රියා දේපල හා පුද්ගලයන් හානි සිදුකිරීම සහ මහජන නොසන්සුන්තාවයට ඇති පිරිස් හඳුනාගෙන ඇති බව කොමිසම නිගමනය කර තිබේ.
මහජන නොසන්සුන්තාවයක් ඇති කොට රට තුළ මෙවැනි ක්‍රියාවන්ට ආධාර හෝ අනුබල ලබා දුන් බවට සහ එම ක්‍රියාවන් මගින් සමාජය තුළ සාමය ස්ථාපිත කිරීමට බාධා කළ අතර සමාජ අඛණ්ඩතාව කඩාකප්පල් කරමින් වාර්ගික කැළඹීම් ද ඇති කළ බව ද වැඩිදුරටත් එහි සඳහන් වේ.
Average Rating