පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය – ජනාධිපති කොමිසමේ වාර්තාව කථානායකට

Read Time:1 Minute, 42 Second

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන්, ඒ මහතාගේ නීති කටයුතු අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර විසින් අද (23) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාර දෙන ලදී.
අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රාත්‍රියේ රැස් වූ අවස්ථාවේදී එම වාර්තාව ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර, ඉන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස එතුමා විසින් උපදෙස් ලබා දෙන ලදී.
ඒ අනුව එම වාර්තාව නිල වශයෙන් කථානායකවරයාට භාරදීම අද පෙරවරුවේ කථානායක නිල කාමරයේදී සිදුවිය. එම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක ද සහභාගි විය.
මන්ත්‍රීවරයන්ට ලබාදීම සඳහා එම වාර්තාවේ පිටපත් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව වෙත එවන ලෙස කථානායකවරයා ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියේය.
එම පිටපත් ලැබීමෙන් පසු එම වාර්තාව ඉදිරියේදී සියළු මන්ත්‍රීවරයන්ට ලබාදීමට කටයුතු කරන බව කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි
Next post ‘බොදු බල සේනාවත් අන්තවාදී සංවිධානයක් ‘