
ඉම්රාන් ඛාන් දූත පිරිස 40 ක් සමඟ මෙරටට පැමිණෙයි
පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඇතුළු දූත පිරිස පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද (23) දින සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සමඟ දූත පිරිස 40 දෙනෙක් ද පැමිණි බව අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කරයි.
පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයෙන් අද සවස 4.00 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගමන් ගන්නා ගුවන් යානයට ඉන්දීය ගුවන් සීමාව භාවිත කිරීමට ඉන්දියාවේ අවසරය හිමි හිමි විය. කෙසේ නමුත් 2019 වසරේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ සෞදි අරාබියේ සංචාරයක නිරත වූ අවස්ථාවේ පාකිස්තානය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගමන් ගන්නා ගුවන් යානයට ඔවුන්ගේ ගුවන් සීමාව භාවිත කිරීමට අවසර නොදුන්නේ ය. එහිදී පාකිස්තානය පැවසුවේ ඉන්දියාව කාශ්මීරයේ මානව හිමිකම් උල්ලංඝණය කරන බවයි.
Average Rating