
නිදහස උගුලක් ද…?
Read Time:56 Second
ගොන්ගාලේගොඩ බණ්ඩලා
පුරන්අප්පුලා
දිනවා දුන් නිදහසට
අවුරුදු 73ක් පිරිලාලු
පෘතුගීසි ලන්දේසි
බ්‍රිතාන්‍යයන් ඇවිදිල්ලා
කෙළ ගිල ගිල
බලන් හිටියා ගිල ගන්නට අපේ රට
ධනයට ලොබ වී
පාවා දුන්නා අපේ රට
‘මහමොළකරුවෝ’
අද මෙන්ම එදවසත්
අවුරුදු 73ක් පිරිලා
උත්සව නම් අඩියෙන් අඩියට
ජාතිවාදය උග්‍ර වෙලා
පන්ති පන්ති භේදවෙලා
ණය බර වැඩී කියලා
මහා පොළොව කැලි කැලිවලට කප කපා
විකුණයි අපේ රටේ
ගුණමකු කළුසුද්දන්
අහෝ දෙවියනි…!
අප මේ සමරන්නේ නිදහස ද
නිදහස් මිරිඟුව තුළ ඇති
මහා උගුලක් ද….?
Average Rating