මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ මුයින් අලී ට කොවිඩ්

ඊයේ (03) මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මුයින් අලී ට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මුයින් අලී ට මෙලෙස කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූවේ මත්තල ගුවන්තොටුපළේදී ඊයේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුවය.
නිරෝධායනය පිළිබඳ මෙරට රජයේ නීති රෙගුලාසි වලට අනුව මේ වන විට ‘මුයින් අලී’ දින 10 ක ස්වයං නිරෝධායන කාලයකට යොමුකර තිබේ. මේ අනුව පසුගිය දිනවලදී අලී ඉතා සමීපව ඇසුරු කළ එංගලන්ත කණ්ඩායමේ ක්‍රිස් වෝක්ස්ටද දින 7 ක නිරෝධායන කාල සීමාවක් නියම කර තිබේ.
‘මුයින් අලී’ කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් එංගලන්ත කණ්ඩායමේ සියලුම සාමාජිකයන් සහ නිලධාරීන් හෙට (5 වැනිදා) දෙවැනි වරටත් පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කිරීමට නියමිතය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.