ඥානා අක්කාගේ හෝටලය හදන්නේ හමුදාවෙන් !

Read Time:3 Minute, 26 Second

රට පාලනය කරන්නේ අනුරාධපුරයේ ඥානා අක්කා දැයි ආණ්ඩුවට සමීප පාර්ශ්ව විසින්ම ජනාධිපතිවරයාගෙන් කළ විමසීම්වලට අදාළ කාන්තාවට අයත් ඉඩමක හෝටලයක් ඉදි කිරීම සඳහා යුද හමුදාව යොදවා තිබේ.
අනුරාධපුර, නුවර වැව පාරේ මෙම කාන්තාවට අයත් දේවාලය යනුවෙන් හඳුන්වන ස්ථානය පිහිටා ඇත. එම භූමියේ ම යුද හමුදාවේ ඉංජිනේරු බළකාය යොදවා ආවරණ සහිතව අදාළ ඉදි කිරීම කරන බවත්, යුද හමුදා සාමාජිකයන් විශාල පිරිසක් එහි රැඳී සිටින බවත් ප්‍රදේශවාසීහු පවසති. අදාළ භූමිය වටා විශාල තාප්පයක් ද මේ වන විට ඉදි කෙරෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් ‘ලංකා‘ කළ විමසීමක දී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසුවේ, නිල වශයෙන් තමන්ට එවැනි දැනුම් දීමක් කර නැති බවයි. එම නිසා අදාළ කරුණ සම්බන්ධයෙන් අදහසක් පළ කළ නොහැකි බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ප්‍රදේශවාසීන් අවධාරණය කරන්නේ මෙසේ ආවරණය කරගෙන සිදු කරන ඉදි කිරීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කළ තරුණයකු ආරක්ෂක අංශ ප්‍රශ්න කිරීම්වලට ලක් වී ඇති බවයි. අදාළ තරුණයාගේ ජංගම දුරකථනය ද අදාළ ආරක්ෂක අංශ සාමාජිකයන් භාරයට ගෙන ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.
අදාළ ස්ථානයේ සිදු කරන මෙම ඉදි කිරීම සම්බන්ධයෙන් අනුමැතියක් ලබාගෙන තිබේ ද යනුවෙන් අප කළ විමසීමක දී අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්. පී. සෝමදාස සඳහන් කළේ, නගර සභාවෙන් එවැනි සැලැසුමක් අනුමත කර ඇති බවයි. ඊට අදාළ ඉදි කිරීම්වල වර්තමාන තත්ත්වය සහ එය හෝටලයක්ද නැද්ද යන්න සම්බන්ධයෙන් තමන් නොදන්නා බව ද පැවසූ නගරාධිපතිවරයා, අදාළ අනුමැතියට පිටින් යමක් සිදු වන්නේ දැයි පරීක්ෂා කළ හැකි යැයි ද සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, මෙසේ පෞද්ගලික ඉදි කිරීමක් සඳහා යුද හමුදා සාමාජිකයන් යෙදැවිය හැකි දැයි වර්තමාන ආණ්ඩුවේ ඉදි කිරීම් සම්බන්ධයෙන් නිල වගකීමක් දරන ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරියකුගෙන් අපි විමසීමක් කළෙමු. ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ව්‍යාපෘති කළමනාකාරවරයකු වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කුමා හේරත් පැවසුවේ, කිසිදු හේතුවක් මත පෞද්ගලික ඉදි කිරීම් සඳහා යුද හමුදා සාමාජිකයන් යොදා ගත නොහැකි බවයි. යුද හමුදා සාමාජිකයන්ට රජයෙන් වැටුප් ගෙවන්නේ ජාතික ආරක්ෂාව සහ රජයේ කටයුතු සඳහා බවත්, පෞදගලික කටයුතු සඳහා ඔවුන් යෙදැවීම බරපතළ වරදක් බවත් විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.
මෙවර ලංකා පුවත්පත (2021-01-03)

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post අධිවේගී මාර්ගයේ ගැලනිගම පොලිසියේ 6 කට කොරෝනා
Next post බැසිල් රට හැර යයි !