මහින්දට රනිල්ගෙන් කෝටි 14ක වාහන අල්ලසක්

රජයේ ආදායමට වඩා වැඩි ණය වාරික සහ පොලිය ගෙවීමේ දරුණු අර්බුදයක් නිර්මාණය වී තිබියදී, ඒ බව නොතකා ආණ්ඩුවේ ඇමතිවරුන් සහ විපක්ෂ නායක වෙනුවෙන් සුඛෝපභෝගී මෝටර් රථ ගෙන්වීමට අතිවිශාල මුදලක් වෙන් කර ඇත.
මේ යටතේ වෙළෙඳපොළ මිල රුපියල් කෝටි 14ක් පමණ වන අධිසුඛෝපභෝගී මෝටර් රථයක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට ලබා දීමේ යෝජනාවක් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කර තිබේ. ඒ වෙනුවෙන් රු. 42,950,000ක මුදලක් පරිපූරක ඇස්තමේන්තුවෙන් වෙන් කර ඇත. එහි බදු සහිත මුළු වටිනාකම රුපියල් 14,30,01,100.00කි. සරලව කියනවානම් රුපියල් කෝටි 14කට වඩා මඳක් වැඩි මුදලකි.
ඒ හා සමානම වටිනාකමින් යුත්, මෝටර් රථයක් ඉඩම් නියෝජ්‍ය ඇමතිවරයාට ද ලබා දීමට සැලසුම් කර ඇති අතර, ඊට අමතරව ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාගේ නිල නිවස අලූත්වැඩියා කිරීමට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් යොදවා තිබේ.
මෙම මුදල් වියදම් කිරීම සුවිශේෂී වී තිඛෙන්නේ හිටපු ජනාධිපති ලෙස මහින්ද රාජපක්ෂට වෙඩි නොවදින අධි ආරක්ෂිත රථ අටක් ලබා දී තිබිය දී, විපක්ෂ නායක ලෙස වෙන් කරන ලද මෝටර් රථයක් නොමැති බව සඳහන් කරමින්, අගමැතිවරයා විසින් අලූතින් සුඛෝපභෝගී මෝටර් රථයක් ලබා දීමට කි‍්‍රයා කිරීමය. මේ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය ඉවත්ව යන විට ජනාධිපති වෙනුවෙන් වෙන් කළ වාහන සංචිතය රුපියල් තුන්කෝටි නවලකෂය (රු.3,09,00,000)කි. එහෙත්, 2014 වර්ෂය අවසානයේ දී මහින්ද රාජපකෂ පරාජය වී ධුරයෙන් ඉවත්ව යන විට ජනාධිපතිගේ වාහන සංචිතය රුපියල් කෝටි 370ක් දක්වා ඉහළ දමාගෙන තිබිණි.
මහින්ද රාජපකෂට හිටපු ජනාධිපති ලෙස විශ්‍රාම වැටුප් සහ අනෙකුත් පහසුකම් වෙනුවෙන් රුපියල් දෙකෝටි දහහතර ලකෂයකට ආසන්න මුදලක් වාර්ෂිකව අය-වැය මඟින් වෙන් කෙරේ. පාර්ලිමේන්තුවේ විපකෂ නායක ලෙස 2019 වසර වෙනුවෙන් රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් ද වෙන් කර ඇත. අය-වැය මඟින් වෙන් කළ මුදල්වලට අමතරව පරිපූරක ඇස්තමේන්තු මඟින් ද විශාල මුදලක් වෙන් කර ගනිමින් සිටී. එම මුදල් වෙන් කිරීමට මූලිකයා වී සිටින්නේ අගමැති රනිල් වික්‍රමසිංහය.