ගාල්ල වෛද්‍යවරු හෙට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම අත්හරිති

Read Time:1 Minute, 53 Second

හෙට (28 ) සිට ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් සිය රාජකාරී වලින් බැහැර වීමට නියමිතව තිබූ නමුත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටවූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මණ්ඩල ද සොයිසා මහතා පවසයි.
ගාල්ල නියෝජ්‍ය නගරාධිපති ෆ්වුස් නියාස් විසින් ගාල්ල මහා නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බර්ටම් ද සිල්වා මහතාට බැන තර්ජනය කිරීමට කිරීම සම්බන්ධයෙන් වූ සිද්ධිය මුල් කරගෙන හෙට (28) මෙම වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් කර තිබිණි.
පසුව නගරාධිපතිවරයා විසින් ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මහ නගර සභාවෙන් බැහැරව වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට පියවර ගැනීමට පොරොන්දු වීම හේතුවෙන් සහ සහ හෙට ගාල්ල මහනගර සභාවේ විශේෂ රැස්වීමක් කැඳවා නියෝජ්‍ය නගරාධිපති වරයා තර්ජනය කිරීම සම්බන්ධයෙන් සාධාරණ තීරණයක් ලබා ගැනීමට ගාල්ල මහ නගරාධිපතිවරයා පොරොන්දු වීම නිසා වර්ජනය නැවැත්වීමට තීරණය කර තිබේ.
අනුව ගාල්ල මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (27) දින සිට ගාල්ල දංගෙදර රෝයල් සිටි නැමති ස්ථානයේ ස්ථාපිත කළ බවද සඳහන් වේ

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

5 thoughts on “ගාල්ල වෛද්‍යවරු හෙට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම අත්හරිති

Leave a Reply

Your email address will not be published.

Previous post “‘කෝමල මාණවක’ කතන්දර ආකෘතියෙ යන්න පුළුවන් උපරිම දුර ගිහින් ඉවරයි”
Next post රත්නපුරේ කොරෝනා අවදානම ඉහළ යයි