තෙල්-සීනි බදු පාඩුවත්- එන්නත ගේන ණයටත්..බිලියන10යි

Read Time:5 Minute, 48 Second

ආණ්ඩුව තම ගජ මිතුරන්ට වාසි සැලසීම සඳහා බදු සංශෝධන සිදුකර ඇති බවත් එහි පාඩුව රුපියල් බිලියන 10කට අධික බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ප්‍රකාශ කළේය. පසුගිය 22දා පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
එහිදී හෙතෙම ප්‍රකාශ කළේ, “ජූනි 26වැනිදා සීනිවලට රු. 50/= ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවූවා. ඔක්තෝබර් 13වැනිදා මේ බද්ද ශත 25 දක්වා අඩු කළා. පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා මේ බද්ද අඩුකිරීමට අනුරූපීව සුදු සීනිවල උපරිම සිල්ලර මිල රු. 85/=ක් සහ ආනයනකරු විකිණිය යුතු උපරිම තොග මිල රු. 80/=ක් හැටියට සඳහන් කළා. ඒ වනවිට රු. 135/=ට, 140/=ට තිබුණු සීනි රු. 85/= දක්වා අඩුවිය යුතුව තිබුණා. නමුත් දැන් සිදුවිය යුතුව තිබෙන්නේ ආණ්ඩුවට බද්දත් නැහැ, ජනතාවට අඩු මිලට සීනිත් නැහැ.  මේ වසර අවසන් වනවිට ආසන්න වශයෙන් සීනි මෙ.ටොන් ලක්‍ෂයක්වත් ආනයනය කරනවා. දළ වශයෙන් ගත්තොත් රු. කෝටි 1000ක (රු. බිලියන 10) බදු ආදායමක් අහිමි වෙනවා.” යනුවෙනි. එසේම තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
“මේ වනවිටත් සීනි මෙ.ටොන් ලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා. ෂැංග්‍රිලා එකේ අයිතිකරු සජාන් මවුසූන් වියත්මගට විවිධ පහසුකම් සපයමින් ක්‍රියා කළ කෙනෙක්. විල්මා ආයතනය අයිතිකරු ඔහුයි. ඔහුගේ අතිරේක ලාභයට විශාල මුදලක් ලබා දෙමින් ජනතාවට සහන අහිමි කරනවා. සීනි විතරක් නෙවෙයි, පහුගිය ජූනි මස 26වැනිදා ගැසට් නිවේදනයකින් පොල්තෙල් ආනයනය කිරීමේ බදු සම්බන්ධ ගැසට් එකකින් පොල්තෙල් ආනයනය කිරීමේ බද්ද කිලෝ එකකට රු. 150/=ක් නියම කළා. එම ගැසට් එක වෙනුවට ජූලි මාසේ 10වැනිදා කිලෝග්‍රෑම් එකකින් රු. 25/=ක් අඩුකර බද්දක් නියම කළා. දෙසැම්බර් මස 14වැනිදා නැවත ගැසට් නිවේදනයකින් බද්ද රු. 125/=ක් කළා. දෙසැම්බර් 14වැනිදා විල්මා ආයතනයෙන් පොල් තෙල් මෙ.ටොන් 7,000ක් කොළඹ වරායට ගෙනාවා. ඒ වෙනුවෙන් බදු ගෙව්වේ කිලෝ එකකට රු.100 බැගින්. මේ ආයතනයට කිලෝ ග්‍රෑම් එකකින් රු. 25ක අතිරේක බදු ලාභයක් උපයා ගන්න ඉඩ දීලා 15වැනිදා සිට නැවත රු.25/=කින් බද්ද වැඩිකළා. විල්මා ආයතනය ප්‍රධාන ආනයනකරුවා හැටියට මෙ.ටොන්. 7,000ක් ආනයනය කර දළ වශයෙන් ගැසට් සෙල්ලම හරහා මිලියන 175ක අතිරේක ලාභයක් උපයා ගත්තා.
මේ අනුව මෙම බදු මගඩියෙන් ආණ්ඩුවට අහිමිවන බදු ආදායම රුපියල් බිලියන 10ට අධික බව අනුර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය..
එන්නත ගේන ණය
ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ලොව රටවලට ලබාදීමට සූදානම්වන කොවිඞ් මර්දන එන්නත ලබා ගැනීම සඳහා COVAX Facility වැඩසටහන සමඟ අපේ රට සම්බන්දවී සිදුකළ යුතු මූලික මිල දී ගැනීමට අදාළ ගෙවීම් මේ වන තෙක් සිදු කර නැති බව වාර්තා වේ. ඒ නිසා මුල් කාණ්ඩයේ එන්නත් මාත්‍රා ලබා ගැනීම මේ වන විට අභියෝගයක් වී තිබෙන බවද සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහි ප්‍රධාන ගැටලුව වී ඇත්තේ, එන්නත් පිළිබඳවත් ඒවා මෙරටට ගෙන ඒමට අදාළ ගෝලීය ක්‍රියාවලිය සඳහා ආණ්ඩුවේ බලධාරීන් මේ දක්වාම නිසි අවධානයක් යොමු නොකිරීම බව මෙරට සෞඛ්‍ය අංශ චෝදනා කරයි. මේ සඳහා ආණ්ඩුව ලෝක බැංකුවෙන් රුපියල් බිලියන 10ක ණය මුදලක් ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වේ. මේ පිළිබඳව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එවැනි ණය මුදලක් ලබාගැනීම පිළිබඳ ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. නමුත් දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සාකච්ඡා කර, මේ එන්නත ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බව ඔහු සඳහන් කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ 2021 වසර අවසන් වන විට නිෂ්පාදනය කළ හැකි උපරිම එන්නත් මාත්‍රා ප්‍රමාණය වන්නේ බිලියන 02ක් පමණක් බවයි. එන්නත රටකට අවශ්‍ය ප්‍රමාණයෙන් 20%ක් ලබා දීමට කටයුතු යොදමින් තිබේ. එහි නිර්දේශවලට අනුව එන්නත ජනතාව අතර බෙදාහැරිය හැකි වන්නේ ප්‍රමුඛතා පදනම මතයි. ඒ අනුව අධි අවදානමක් සහිත වයස්ගත පුද්ගලයන්, නිධන්ගත රෝගාබාධ ඇති අයවලුන් සහ ඉදිරිපෙළ සෞඛ්‍ය අංශ සේවකයන් සඳහා පළමුව මෙම එන්නත් ලබා දෙනු ඇති. මේ පිළිබඳ වැඩි විස්තර ඇතුලත් ලිපියක් 04වන පිටුවේ පළකෙරේ.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post කොරෝනා පැනියෙන් අවදි වූ විචාර බුද්ධිය
Next post “ඩෙන්මාර්කයේ භූගත ජලයේ වෛරසය ඇති බව මම කිව්වෙ සාක්ෂි නැතුව !”