“ඉන්ෂාඞ් අහමඞ් මගේ මිතුරකු නොවේ”- බදියුදීන්ගේ සොහොයුරා කියයි !

Read Time:1 Minute, 42 Second

2019 වසරේ අප්‍රේල් 21 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් ඉන්ෂාඞ් අහමඞ් නමැත්තා තමන්ගේ සමීප මිතුරකු යැයි එල්ල වන චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ සහෝදරයා වූ රියාජ් බදියුදීන් පවසා ඇත.
ඔහු මේ බව පවසා ඇත්තේ, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පළමුවරට සාක්ෂි ලබා දෙමිනි. සිනමන් ග්‍රෑන්ඞ් බෝම්බකරු වූ ඉන්ෂාඞ් අහමඞ් එලෙස බෝම්බයක් පුපුරවා ගත් බවට තමන් දැනුම්වත් වූයේ ප්‍රහාරය එල්ල වූ දිනයේ රූපවාහිනිය ඔස්සේ බව සාක්ෂි ලබා දෙමින්, රියාජ් බදියුදීන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
සිය පවුලේ ඥාති පාර්ශ්වයකින් ඉන්ෂාඞ් අහමඞ් විවාහ වී සිටි බවත්, තමන් ද එම විවාහ මංගල්‍යයට සහභාගී වූ බවත්, එම විවාහ මංගල්‍යය හේතුවෙන් සිනමන් ග්‍රෑන්ඞ් බෝම්බකරු වූ ඉන්ෂාඞ් අහමඞ් පළමුවරට හඳුනා ගත් බවත් ඔහු සඳහන් කළේ ය.
ඉන්ෂාඞ් අහමඞ් කුළුබඩු අපනයනය සම්බන්ධ ව්‍යාපාරයක නිරතව සිටි බවට දැනුවත් වුවත්, ඔහු සතුව තඹ කර්මාන්ත ශාලාවක් තිබුණු බව තමන් දැන ගත්තේ ප්‍රහාරයෙන් පසුව බව ද, රියාජ් බදියුදීන් සාක්ෂි ලබා දෙමින් සඳහන් කර තිබේ.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ප්‍රමිති ආයතනය මුනිවත රකිද්දී විෂ සහිත සබන් වෙළෙඳපොළට එන හැටි !
Next post අපි හරි දුප්පත් ක්ලැරා…!