ගාල්ලේ පාසැල් 18 දා තෙක් වසයි

Read Time:1 Minute, 9 Second

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලු පාසල් ඉදිරි 18වැනිදා දක්වා තවත් සතියක් වසා දැමීමට තීරණය කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් අද(11) දක්වා වසා දැමීමට මීට පෙර තීරණය කොට තිබූ අතර එහෙත් ගාල්ල දිස්ත්‍රික්කයේ පවතින තත්වය පිළිබද සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත බවද පවසයි. මේ අනුව සෞඛ්‍ය නිර්දේශ මත ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 26ක් තවදුරටත් වසාදමන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසීය.
දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් පසු මෙම තීන්දුව ගත් බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

60 thoughts on “ගාල්ලේ පාසැල් 18 දා තෙක් වසයි

Leave a Reply

Your email address will not be published.

Previous post අද දිනයේ මේ දක්වා ආසාදිතයන් 762 ක්
Next post “හිත ගොඩක් පෑරුණාම කිසිම දෙයක් කියා ගන්න බෑ කියළ මට කියළ දුන්නෙ ඔයාගේ සිනමාව”