මිලිටරිකරණය හරහා අවුල්කරණය

Read Time:5 Minute, 12 Second

පසුගිය 29 වැනිදා මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියේ දී 11 දෙනකු ඝාතනය කරන ලදී. සිරකරුවන් 71කට තුවාළ ය. වගකිව යුතු ඇමතිවරයකු පාර්ලිමේන්තුවේ දී පැවසුවේ සිරකරුවන් ඖෂධ පාවිච්චි කර මත්ව සිටි බවයි. බන්ධනාගාර වෛද්‍යවරයා සිය ‘ෆේස් බුක්’ ගිණුමේ සඳහන් කළේ එය එසේ නොවන බවයි. පී.සී.ආර්. පරීක්ෂාවකින් පසු රැඳවියන් මාරු කිරීමේ ප්‍රතිපත්තිය බන්ධනාගාරය විසින් බිඳ දැමූ බව ද ඔහු පවසයි. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා කළාට මෙවන් ආසාදිතයන් එළියට ගියේ නම්, රෝගය පැතිරීමේ අවදානමක් තිබූ බවයි.
කොරෝනා රෝගීන් සමඟ අන් රැඳවියන් තැබීමට එරෙහිවත්, රැඳවියන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන ලෙසත් ඉල්ලා බෝගම්බර, අඟුණකොළපැලැස්ස, වැලිකඩ ආදී බන්ධනාගාර ගණනාවකම විරෝධතා තිබිණි. පාලකයන් ඒවා මැඬලුවා මිස ඒවාට ඇහුම්කන් දුන්නේ නැත. අනෙක් ප්‍රශ්නය නම්, බන්ධනාගාරවල පවතින සීමිත ඉඩකඩ අභිබවා රැඳවියන් පිරවීමයි. මහර පැනනැංගේ ද එවැනි විරෝධතාවකි. නොවැම්බර් 29දා මහර බන්ධනාගාරයේ පමණක් 183කට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා විය. තත්ත්වය උණුසුම් වූයේ ඒ සමඟ බව පැහැදිලි ය.
ආණ්ඩුවේ කිසිවකු මේ අතිශය සාධාරණ ප්‍රශ්නයට  ඇහුම්කන් දුන්නේ නැත. විසඳුම වූයේ ප්‍රහාරයයි. පසුව මිය ගිය සිරකරුවන් 11 දෙනාගෙන් 09 දෙනකු ම කොරෝනා ආසාදිතයන් බව තහවුරු විය. ඒ මරණ පරීක්ෂණයේ දී කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ය. තුවාළ ලැබූ 71 දෙනාගෙන් 26 දෙනකුට කොවිඞ් 19 ආසාදනය වී ඇති බව ද තහවුරු වී තිබේ. රැඳවියන්ගේ ඉල්ලීම කොතරම් සාධාරණ දැයි යන්නට මෙය හොඳම සාක්ෂියකි.
‘සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය’ පවසන ආණ්ඩුව දැන් උත්සාහ කරන්නේ කොවිඞ් 19 ආසාදිතයන් නිසා මොවුන් වෙඩි තබා ඝාතනය කිරීම එතරම් වරදක් නොවන බව පැවසීමට ය.
ආණ්ඩුව මහජනතාවට පුන පුනා පවසන්නේ මීටරේ දුර, මුහුණු ආවරණ පිළිබඳව ය. ජනතාව වගකීමෙන් හැසිරිය යුතු බව ද කියැවේ. රජය එතරම් ම වගකීම්සහගත නම්, ඔවුන් බන්ධනාගාරය සම්බන්ධයෙන් ද කොරෝනා මැඬලීමේ ප්‍රතිපත්ති එලෙසම ක්‍රියාත්මක කළ යුතු ය. රැඳවියන් සිටින්නේ රජය භාරයේ ය. ඔවුන් ඉල්ලා සිටියේ තම ජීවිතවල ආරක්ෂාව ය. රජය ලබා දුන්නේම අනාරක්ෂාව ය. ජීවිත ගණනාවක් අවසන්ව ඇත. රැඳවියන්ගේ ඥාතීහු සාධරණය ඉල්ලා උද්ඝෝෂණයේ යෙදෙති.
මේ සියල්ල රට මිලිටරිකරණය දිශාවට ගෙන යාමේ ප්‍රතිඵල නොවේ යැයි කිව හැක්කේ කාට ද? සෞඛ්‍යය, අධ්‍යාපනය ආදියේ සිට බන්ධනාගාර ආදිය දක්වා මිලිටරිකරණය ජනාධිපති ගෝඨාභයගේ එකම සංකල්පයයි. “චක්‍රලේඛ අවශ්‍ය නැත. මාගේ වචනය චක්‍රලේඛ සේ සලකන්න” යැයි පැවසුවේ මේ ජනපතිම ය. එනිසා පාලනය යනු ‘අවි දරා බලහත්කාරය යෙදීම’ යැයි මානසිකත්වයක් රට තුළ මතුව ඇත. එය අසමත්කමක් බව කොවිඩ් 19  මර්දනයේ දී ද, බන්ධනාගාර පාලනයේ දී ද මනාව ඔප්පු වී ඇත. ජීවිත ආරක්ෂා කරන්නට පොරෙන්දු දී, තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ද ලබා, ඉනුත් නොනැවැතී අත්තනෝමතික ව්‍යවස්ථා සංශෝධනයක් ද සිදු කොටගෙන ආණ්ඩුව හා ජනාධිපතිවරයා උපරිම බලය අතට ගෙන සිටී.
අධිකරණවල චෝදනා ගොනුව තිබූ හා දඬුවම් නියම වී සිටි ආණ්ඩුවේ ප්‍රධානීහු හා අනුගාමිකයෝ පෝලිමේ එකදිගට නිදහස් වෙමින් සිටිති.
එසේ වුවත්, ජනතාවගේ පීඩනය තේරුම් ගන්නේ සහ පිළිතුරු දෙන්නේ මෙලෙසින් ය. ‘පරිස්සමට තැබූ දේ ඈලියාවට ගියා’ වගේ යනුවෙන් පිරුළු ඇති වන්නට ඇත්තේ ද මෙවැනි කාරණා හුවා දක්වන්නට ය.
පවතින ක්‍රමය ආරක්ෂා කරන්නේ තමන්ගේ පන්තිය මිස පීඩිතයන් නොවේ. ජනතා ප්‍රශ්න වැඩි වන තරමට බලය රැකගැනීමට මිලිටරිකරණයේ පිහිට පතනු ලබයි. වත්මන් ආණ්ඩුවට ද ඉන් වෙනස් විය නොහැකි ය. පොදු ජනතාවට යුක්තිය හා සාධාරණය ඉටු වීමට නම් පවතින දුෂ්ට දේශපාලනය වෙනස් කරනවා හැර අන් විසඳුමක් නම් නැත.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post මාරයා රජවූ මහර !
Next post ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට සිට වසයි