PCR ටෙස්ට් නොකර වැලිකඩින් මහරට සිරකරුවන් එව්වේ කවුද?

Read Time:2 Minute, 7 Second

PCR නොකර බන්ධනාගාරයකින් සිරකරුවන් මාරු නොකිරීමට පනවා තිබූ චක්‍රලේඛය උල්ලංඝණය කරමින්, ඉහළ බලධාරියා කරන ලද අත්තනෝමතික ක්‍රියාව නිසා මහර බන්ධනාගාරයට කොරෝනා රෝගය බෝවීම සිදුවිය. ඔහු ඉන් ගැලවීමට මාධ්‍ය මෙහෙයුමක් හා දේශපාලන බලය යොදවමින් සිටී.
මුලදී වැඩිපුර පරීක්ෂණ කරන ලද හෙයින් සිදුවූ බව කිවූ කැරැල්ල, පසුව මානසික බෙහෙත් අධි ප්‍රමාණ වලින් ගබඩාකිරීම නිසා සිදුවුණි යයි පවසයි. ඊයේ රාත්‍රී බන්ධනාගාර අධිකාරීවරයා “නිදිමතවිය හැකි ඖෂධ වර්ග” විමසා සිටි අතර ඊට මානසික රෝගවලට දෙන ඖෂධ වලට අමතර ව පිරිටන් හා පෙනගන් අයත් බව පැවසූ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් මාස 04 ක් සඳහා, රජය විසින් මානසික වෛද්‍යවරුන්ගේ හා ඕපීඩී වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත රැඳවියන් 3,000ක් සදහා ලබාදී තිබූ බෙහෙත් තොග ගැන දත්ත ඉදිරිපත් කර ඇත. වෙන දා භාවිතා වන ප්‍රමාණයට වඩා බෙහෙත් ගෙන්වාගෙන නැති අතර මෙම බෙහෙත් පිළිබඳ ව අමාත්‍යාංශය සොයා බැලීම් සිදු කරයි. තව ද මෙම බෙහෙත් මා පැමිණීමට පෙර අනුමත කරවා ගත් ඖෂධ වේ.
තව ද රැඳවියන් පෙළඹවීමක් ගැන සාවද්‍ය චෝදනාවක් යොමු කර ඇති අතර, මා රෝගීන් හා ගැටෙන රෝහල තුලින් එවැනි සිදුවීමක් පැන නොනැගී ඇති හෙයින් හා මා බාහිර රෝගී අංශයේ රෝගින් නොබලන බැවින්, ඊට මා සම්බන්ධ නැති බව පැහැදිලි ය. එනමුදු වරින්වර චෝදනා වෙනස්කරමින් මේ අපරාධයට මා සම්බන්ධ කිරීමට ඉමහත් පරිශ්‍රමයක් දැරීම පිළිකුල් සහගත වේ.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන්නැයි ඇමරිකාව සිය ජනතාවට කියයි
Next post කිලිනොච්චියේ නිවාස කිහිපයකට හානි!