මෝටර් රථ ධාවන ශූර ලුවිස් ආසාදිතයි

ලෝක මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති ඔහුගේ කළමනාකරු මාධ්‍යට පවසා තිබේ. මේ හේතුවෙන් ලුවිස් ට බහරේන් හි පැවැත්වෙන “සකීර් ගෝන්ෆ්‍රී (Sakhir Grand Prix )” මෝටර් රථ ධාවන තරඟාවලිය ට සහභාගී වීමේ අවස්ථාව අහිමි වන බවයි පැවසෙන්නේ.
තවමත් 35වන වියේ පසුවන බ්‍රිතාන්‍ය ජාතික  ලුවිස් හැමිල්ටන් සඳුදා (30) වන විටත් මඳ රෝග ලක්ෂණ තිබූ බව පැවසේ.  සිදුකළ පරීක්ෂණ දෙකක දීම ඔහු ආසාදිතයෙක් ලෙස තහවුරු වූ බවත් වාර්තා වේ.
මේ වනවිට ලුවිස් ස්වයං නිරෝධනයට යොමුව තිබේ.
සිය ට්විටර් හි සටහනක් තබන හැමිල්ටන් පවසා ඇත්තේ “හායි යාලුවනේ, මේ සති අන්තයේ ධාවන පථයට නොපැමිණීම ගැන මම දැඩි ලෙස කනගාටුවෙන් සිටිමි. අපි ජුනි මාසයේ වාරය ආරම්භ කළ දා සිට මගේ කණ්ඩායම සහ මම හැකි සෑම පූර්වෝපායක්ම අනුගමනය කරමින් සෑම තැනකම පවතින රෙගුලාසි යටතේ සුරක්ෂිතව සිටීම සඳහා ක්‍රියා කළා.
අවාසනාවකට මෙන්, පසුගිය සතියේ මට පරීක්ෂණ වලින් පොසිටිව් තුනක්. ඊයේ උදෑසන මෘදු රෝග ලක්ෂණ සහිතව අවදි වුණා. මම දැන් දින 10 ක් ස්වයං හුදකලාව සිටිමි.”
“මේ සති අන්තයේ තරඟ කිරීමට මට නොහැකියි. මගේ ප්‍රමුඛතාවය වන්නේ අන් අයව ආරක්ෂා කිරීම..” යි යනුවෙන් සඳහන් කර තිබේ.

සබැඳි

Leave a Reply

Your email address will not be published.