“රාජ්‍ය විශ්ව විද්‍යාලවලට වඩා බැටිකලෝ කම්පස් ආයතනයේ පහසුකම් ඉහලයි” – ජි.එල්.

Read Time:2 Minute, 26 Second

අන්තවාදී බලවේගවලට වත්මන් රජය කිසිවිටකත් ඉඩ නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී .එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී අද (27) පැවසීය.
විවාදයට තුඩු දී තිබෙන බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, වත්මන් රජය වර්තමානයේ දී මෙන්ම පෙර කිසිවිටකත් අන්තවාදීන් පෝෂණය නොකළ බවයි.
බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ පාඨමාලා අතරට ශරියා නීතිය ඇතුළත්ව පැවතියේ ද යන්න කාවින්ද ජයවර්ධන මහතා ප්‍රශ්න කළ අතර, එවැනි පාඨමාලාවක් අන්තර්ගතව තිබු බව ඊට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා පැවසීය.
රාජ්‍ය විශ්වවිද්‍යාල වලට වඩා බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ පහසුකම් ඉහළ බව පැවසූ අමාත්‍යවරයා ඒවා රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් සඳහා භාවිත කරන බව ද කීවේය. විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නංවා තිබේ. තවදුරටත් එම ප්‍රමාණය ඉහළ නංවන බව ද හෙතෙම පැවසීය.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර එල්ල කරමින් , මිනිස් ජීවිත 350 කට අධික සංඛ්‍යාවක් අහිමි කළ ප්‍රධාන ත්‍රස්තවාදීයා වන සහරාන් සමඟ සබඳතා පැවැත් වූ පුද්ගලයින් ද බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට සම්බන්ධව ක්‍රියා කළ බව පැවසූ කාවින්ද ජයවර්ධන මහතා එම පුද්ගලයින් එම්.එස්.ඩි ආරක්ෂාව යටතේ සාක්ෂි දීමට ජනාධිපති කොමිසමට පැමිණෙන්නේ කෙසේද යන්න පිළිබඳව ද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
අන්තවාදීන් පෝෂණය කළේ පසුගිය රජය බවත්, එහි ප්‍රතිවිපාක වර්තමානයේදී බුක්ති විඳීමට සිදුව ඇති බවත් , අමාත්‍ය මහාචාර්ය ජී .එල් පීරිස් මහතා මෙහි දී ප්‍රකාශ කළේ ය.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post facebook හි එල්.ටී.ටී.ඊ සැමරූ 4 ක් අල්ලයි
Next post පොලිස්පති ලෙස සි.ඩි වික්‍රමරත්න වැඩභාරගනියි