ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට සිල්රෙදි නඩුවෙන් නිදොස් කොට නිදහස්

Read Time:3 Minute, 6 Second

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිව සිටි සමයේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යන දෙදෙනා සිල්රෙදි නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය. ඒ අනුව මීට පෙර කොළඹ මහාධිකරණය විසින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට වැරදිකරුවන් කරමින් ලබාදුන් නියෝගය අත්හිටුවා තිබේ.
2015 ජනාධිපතිවරණ සමයේදී ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් මුදල් රුපියල් මිලියන 600 ක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් මහාධිකරණය හමුවේ ඔවුන් දෙදෙනාට නඩුවක් ගොනුකළ අතර ඊට වැරදිකරුවන් වූ ලලිත් වීරතුංග ට සහ අනුෂ පැල්පිට ට සිර දඬුවම් නියම කෙරිණි.
ඔවුන් දෙදෙනා ඊට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළ අතර එම පෙත්සම විභාගයට ගැනීමෙන් පසුව සිරගතව සිටි ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට ඇපමත නිදහස් කෙරිණි.
කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය සහ දේවිකා අබේරත්න මහත්මියගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගත් අතර අද එහි තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
2017 සැප්තැම්බර් 0 7දා ලලිත් වීරතුංග හිටපු ජනාධිපති ලේකම්වරයා හා අනූෂ පැල්පිට එවකට විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙසේ වරදකරුවන් බවට පත් කර බරපතළ වැඩ ඇතිව තුන් අවුරුදු සිර දඬුවමක් නියම කළේය.
මීට අමතරව එක් අයකු විසින් රුපියල් ලක්ෂ 20 බැගින් වු දඩ මුදලක් හා විදුලි සංදේශ නියාමන කොමිසමට මිලියන 50ක වන්දියක්ද ගෙවන ලෙස නියෝග කරනු ලැබින.
වර්ෂ 2014 ඔක්තොම්බර් මස 30 සහ 2015 ජනවාරි මස 5 දින යන කාල සීමාව තුළ මෙම චූදිතයින් මෙම මුදල් සාවද්‍ය ලෙස පරිහරනය කල බවට නීතිපතිවරයා අධි චොදනා නගා තිබිණ.
එදා  විත්තිකරුවන් අදාළ චෝදනාවන්ට වරදකරුවන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔවුන්ට දඩුවම් නියම කළ අවස්ථාවේදීම මෙම තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයට අභියාචයක් ඉදිරිපත් කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා දැනුම් දුන්නේය.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post පාසල් සිසුන් පිරිසක් නිර්මාණය කළ එකම සිංහල චිත්‍රපටය, ‘නිම්වළල්ල’ට අඩ සියවසයි
Next post බස්නාහිර හැර සෙසු පාසැල් 23 දා ඇරබේ