පොලිස්පතිට නඩු

පාස්කු බෝම්ම ප්රහාර සම්බන්ධයෙන් දැන සිට තොරතුරු වසන් කිරීම හා ක්රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට ඉදිරියේදී අධිකරණයක් හමුවේ නඩු පැවරීමට කටයුතු කරනු ඇති බව රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් සඳහන් කරයි.
පසුගියදා එල්ල වූ පාස්කු බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පත්කර ඇති තේරීම් කාරක සභාව හමුවේ පොලිස්පතිවරයා විසින් හෙළි කරන ලද කරුණු මත මෙම නඩු පැවරීම සිදු කෙරෙනු ඇත.
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නිශ්චිත වශයෙන් තොරතුරු දැන නොසිටි බව පැවසුවද මෑතකදී ධුරයෙන් ඉල්ලා අස් වූ රාජ්ය බුද්ධි ප්රධානියා විසින් එම තොරතුරු නිශ්චිත වශයෙන්ම පොලිස්පතිවරයාට දැනුම් බව පවසා ඇතැයිද සඳහන්ය.
එහෙත් මේ සම්බන්යෙන් තමන්ට නිශ්චිත තොරතුරු නොලද බව පූජිත් ජයසුන්දර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කියා සිටියේය. ඉදිරි අධිකරණයක මෙම කටයුත්ත ප්රශ්න කරනු ඇතැයිද එකී ආරංචි මාර්ග තවදුරටත් පැවසීය.