දකුණේ පන්සල් තහනම දේශපාලන වැඩක් – විහාරාධිපති හිමිවරු කියති

මාතර දිස්ත්‍රික්කයේ කිසිදු විහාරස්ථානයට ඇතුළු නොවන ලෙස මාතර ශාසනාරක්ෂක බල මණ්ඩල විහාරාධිපති සංගමය තහනමක් පනවා තිබියදී මුදල් ඇමති මංගල සමරවීර මාතර ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයකට ගොස් එහි නායක හිමිවරුන් සමග සාකච්ඡා කර ඇත.
එහිදී මංගල සමරවීර ඇමතිවරයා එම විහාරස්ථාන වල නායක හිමිවරුන් මුණ ගැසී සාකච්ඡා කර ඇති අතර එම විහාරස්ථානවල අඩුපාඩු පිලිබදවද සොයා බලනු ලැබීය. මාධ්‍ය මගින් වාර්තා කළ ආකාරයේ කිසිදු විරෝධයක් මෙහිදී එල්ල නොවීම ද විශේෂයකි. එසේම මංගල සමරවීර ඇමතිවරයා හමු වූ විහාරාධිපතිවරුන් කියා තිබුණේ ‘පන්සල් තහනම් කිරීම’ දේශපාලන අවශ්‍යතාවයක් මත සීමිත පිරිසක් විසින් කළ ප්‍රකාශයක් පමණක් බවයි.