
ආයිබොවන්ඩ පොම්පෙයෝ
හටං බිමේ තුවක්කු-බයිනෙත්තුවලින් හරඹ පාන යුද කප්පිත්තො දේසපාලන පිටියට බැස්සහම නිකංම නිකං කැටපොල් කාරයන්ගෙ ගානට වැටෙනවය කියල කතාවක් මුන්නැහැත් අහල ඇති නේද සෑර්? කාලයක් යැංකි හමුදාවෙ තරුපටි කාරයෙක් වෙලා ඉඳලා දැන් ට්රම්ප් ගොයියගෙ දේසපාලන තුරුම්පුකාරයා වෙලා ඉන්න මුන්නැහැටත් ඒ ඉරණමම අත්වෙන එක සිකුරුය කියලයි ඔය ලෝක දේසපාලන විසාරදයොද කවුද කියන ඇත්තොනං දොඩන්නෙ. පස්සෙ මොන කරමෙයෙන් හරි පෙරකදෝරු විබාගෙ කාරිය ගොඩදාගෙන සීඅයිඒ එකේ මුල් පුටුවට පැනගන්ඩත් ඔහේ හපනෙක් වුණ බව අපි අහල තියෙනවා.
ඔහේට ට්රම්ප් රාලහාමිගෙ රාජ්ජ ලේකම් වෙන්ඩ ලැබිච්ච චෑන්ස් එකනං විස්කියට-සෝඩා සැන්ඩි වුණා වගේ මාරෙට සැට් වෙනවා ආයිබොවන්ඩ. හෙට අනිද්දට යෙදිල තියෙන චන්දෙදි ලොක්කට ලකුණු ටිකක් රැස් කොරල දෙන්ඩ ඔහේ මේ කොරෝනා වසංගතේ අස්සෙ ලෝකෙ වටේ කරක් ගගහා කන කට්ට දැක්කමනං අනේ අපොයි ලෝක පොලිස්කාරයගෙ පුරෝහිතයට ගිය කල කියලා අපේ බඩ-පපුව දාලා යනවා.
එක අතකින් ට්රම්ප් උන්නැහැගෙ සුවච කීකරු චක්ගෝලයා හැටියට තමුන්නැහැ ලෝකෙ පුරාම ඉන්න රාජ්ජ ලේකම්ලාට දෙන පණිවිඩෙත් නරකම නැහැ පොම්පෙ මහත්තයෝ. මහ රජ්ජුරුවො සුං වුණොත් අග්ගර පුරෝහිතලා ඇතු`ඵ ගෝලබාලයෝ ඔක්කොම සුනේ සුංවෙන හන්දා උඩුබුරලා-දඩයන් දත් විලිස්සලා බැරිනං වෙන මොන දහන්ගැටයකින් හරි උතුමා රැකගන්ඩ ඕනය කියල නේද ලෝක නිලදරු සංහතියටම ඔහේ තේරුන්-බේරුන් කොරල දෙන්නෙ.
සිරි ලංකාවට ගොඩබහින්ඩ කලින්ම අපේ කිරුළ දරන රජ කට්ටුට තමුන්නැහැ පල් වාක්කියක් දැම්මය කියලා මෙහෙ දේසපෙරේමි නඬේට මාරයා නැගලයි හිටියෙ. පංචායුද සේනාවටයි, පවිත්තර උරුම බළඇණියටයි සීරුවෙන් හිටපියව් කියලා ඒවගෙ අද්දියාත්මික නායකයො සුද්ද සිංහලෙන්ම නියෝග නිකුත් කොරලයි තිබුණේ. ඊයෙ පෙරේදා කඩිමුඩියෙ 20 අනුමත කොරගත්තු එක තමුන්නැහැගේ හොඳට ගියා ආයිබොවන්ඩ. අපේ මහරජ්ජුරුවො හාහාපරා කියල ඒකෙ බලතල පාවිච්චි කොරලා තමයි සිද්ද වෙන්ඩ ගිය මහා හටන පාලනය කොරගත්තෙ. බැරිවෙලාවත් 19 තිබුණනං හෙම ජාතියේ ගැලවුම්කාරයෝ ඔහේට කවදාවත් ආයෙ ඇමරිකාව දකින්ඩ ඉඩ තියන්නෙ නැති වගත් මතක් කොරල දෙන්ඩ ඕනා.
ගිය වංගියෙ යහපාලන කස්ටිය තමුන්නැහැව වඩම්මන්ඩ කැහැපොට ගහනකොටත් අදිරාජ්ජවාදීන්ට මාත්තුරු බූමිය පාවා දෙන්ඩ වෙන්නෙ අපේ මළකඳන් උඩින්ය කියලා ඔය මහවිරු සැට්එකම තමා හනුමන්ලා වගේ නකුටු පත්තුකරගෙන සර්කස් සන්දර්සන පෙන්නුවේ. ඒ වෙලාවෙ ඔහේලා දුර දිග කල්පනා කොරලා දූත ගමනත් කෑන්සොල් කොරලා සෝපයි ඇක්සයි ඇම්සිසීයි ඔක්කොම අකුල ගත්තෙ නැත්තං එහෙම මෙලහකට ඇමරිකන් අදිරාජ්ජෙ තිබුණ තැනවත් හොයාගන්ඩ වෙන්නෙ නැහැ සත්තයි පොම්පෙ මහත්තයෝ.
විනාඩි කීපෙකින් අහවර කොරපු ඉහළ පෙළේ අන්තර්ජාතික කතිකාවට පස්සෙ තමුන්නැහැ සරුස් සුරුස් ගාලා මාද්දියට කොරපු පොරකාසේ එක හරුපයක්වත් අපිටනං තේරුන්ගන්ඩ ඇහැක් වුණේ නැහැ ආයිබොවන්ඩ. ඇමරිකන්කාරයන්ගෙ ඉංගිරිස් අපිට නොතේරුනාට දැන් පැන්සොන් ගිය විප්ලවකාරයෙකුගෙ තැනට වැටිල උන්නත් පරණ රෝයල් පොරක් වෙන විදේස ඇමති දිනේසයන්ටනං ඒ හැම වචනයක්ම අපූරුවට තේරුන් යන්ඩ ඇති නේද පොම්පෙ සෑර්?
-විශ්වමිත්ර
Tabi ki dedim. Dedim cümleyi bilerek yarım bıraktım,
kız meslek konulu bende boş japon zorla okulda sürtme zorla her yerini tombul arap masturbasyon Şöyle 22.