“රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට වරෙන්තු අවශ්‍ය නෑ”

“රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට වරෙන්තු අවශ්‍ය නෑ”

වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දුන්නද පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම අවශ්‍ය නොවන බවත් මෙම චෝදනා වලට වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගත හැකි බවත් කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය දැනුම් දී තිබේ.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා විසින් අද (13) උපදෙස් ලබාදී තිබුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ව සහ තවත් දෙදෙනෙක්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (13) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
මහජන මුදල් අවභාවිත කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවතැන්වූවන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබේ.
මෙම නඩුව නැවතවරක් ඔක්තෝබර් 27 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.


Leave a Reply

Your email address will not be published.