බ්‍රැන්ඩික්ස් වෙතින් නිවේදනයක්

Read Time:3 Minute, 19 Second

ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයේ කොවිඩ්-19 ආසාදිත වූ කාන්තාව මිනුවන්ගොඩ පිහිටි සිය කර්මාන්ත ශාලාවේ සේවය කරන සාමාජිකාවක් බවට බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිලවශයෙන් දැනුම් දෙයි.
බ්‍රැන්ඩික්ස් සමාගමේ සියලුම මෙහෙයුම් අංශ තුළ දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කර ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු අදාළ සෞඛ්‍ය බලධාරීන්ගේ කඩිනම් ක්‍රියාමාර්ග සහ සහයෝගය හේතුවෙන් එම ආසාදන තත්ත්වය කලින් ම හඳුනාගෙන එම සාමාජිකාව ප්‍රථිකාර සඳහා IDH රෝහලට ඇතුළත් කළ බවයි එම සමාගම පවසන්නේ.
මෙම සඳහා අදාළ බලධාරීන්ගේ උපදෙස් මත අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමට සිය සමාගම කටයුතු කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.
වෛරසය ව්‍යාප්ත වීම මුළුමනින්ම නවතා දැමීම සඳහා තම සාමාජිකාව සේවය කළ පරිශ්‍රය දැඩි විෂබීජහරණයකට ලක් කිරීම ඇතුළු කඩිනම් ක්‍රියාමාර්ග රැසක් මේවන විට ද ගෙන ඇති බව ඔවුහු පවසති.
රෝගියා සේවය කළ පරිශ්‍රයේ තවත් සාමාජිකයන් 45 දෙනෙක් ද ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ද වහාම නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුන්ට එම වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදු කරන බව ද බ්‍රැන්ඩික්ස් සමාගම සිය නිවේදනයේ සඳහන් කරයි.
මේ අතර කොවිඩ් -19 රෝගියෙකු ලෙස හඳුනා ගැණුනු ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව සමීපව ඇසුරු කළ පුද්ගලයින් 400 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති. ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 15 දෙනෙකුද, නිරෝධායනයට යොමුකර ඇති අතර තවදුරටත් ආශ්‍රිතයින් හඳුනාගනිමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.
මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ඩී.ඒ රන්දෙනිය සඳහන් කළේ අදාළ කාන්තාව සේවය කළ ආයතනයේ පිරිසක් මෙලෙස හඳුනාගෙන ඇති බවය. අදාළ පිරිස ඉදිරියේදී PCR පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් බ්‍රැන්ඩෙක්ස් නිවේදනයට පෙර නිකුත් කළ තොරතුරු අනුව පවසා තිබුණේ උණ රොගී තත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලේ  ප්‍රතිකර ලබමින් සිටි එම කාන්තාව සුව වී නිවසට යන අවස්ථාවේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේ දී කොවිඩ්-19 ආසාදිතයකු බවට හඳුනාගෙන තිබෙන බවයි.
ඇයට කොවිඩ්-19 ආසාදනය වූ ආකාරය පිළිබඳව පරීක්ෂණ සිදු කරන අතර ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව සෞඛ්‍ය අංශ දන්වා සිටියි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post කෙටිකතා චක්‍ර විවිධත්වය තුළ ඒකත්වයක්
Next post කොරෝනා වැළඳුණු කාන්තාවගේ එක් දැරියකට හැර අනෙක් අයට වෛරසය ආසාදනය වී නෑ