අප්‍රිකාවෙන් පෝලියෝ අවුට්

Read Time:2 Minute, 48 Second

අප්‍රිකානු මහාද්වීපය පෝලියෝවලින් තොර කලාපයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහතික කර ඇත. මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානය “රජයන්, පරිත්‍යාගශීලීන්, සෞඛ්‍ය සේවකයන් සහ ප්‍රජාවන්ගේ අඛණ්ඩ උත්සාහයට ස්තූතිවන්ත වන අතර, ළමයින් මිලියන 1.8ක් පමණ අබලන් වූ ජීවිතවලින් සහ අංශභාග තත්ත්වයන්ගෙන් බේරී ඇත” යනුවෙන් කියා සිටියේ ය.

මීට අවුරුදු විසිපහකට පෙර අප්‍රිකාවේ ළමයින් දහස් ගණනක් පෝලියේ වෛරසයෙන් අංශභාග තත්ත්වයට පත් විය. එහෙත්, නවතම තත්ත්වයත් සමඟ මෙම රෝගය දැන් ඇෆ්ගනිස්ථානයේ සහ පාකිස්ථානයේ පමණක් දක්නට ලැබේ. 1988 තරම් ඈත කාලයක දී ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය වශයෙන් රෝගීන් 3,50,000ක් ගණනය කළ අතර 1996දී අප්‍රිකාවේ පමණක් රෝගීන් 75,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. දශකයකට අඩු කාලයකට පෙර ගෝලීය රෝගීන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති නයිජීරියාව පෝලියෝවලින් නිදහස් බව ප්‍රකාශයට පත් කළ අවසන් අප්‍රිකානු රටයි.

නයිජීරියාවේ පෝලියෝ එන්නත් කිරීමේ ව්‍යාපාරය ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩත්වයෙන් තර්ජනයට ලක්ව තිබූ අතර, එන්නත් ලබා දීම සඳහා දුර හා දුෂ්කර ස්ථාන කරා ළඟා වීමට විශාල පරිශ්‍රමයක් දැරීමට ද සිදු විය. මෙම ක්‍රියාවලියේ දී සමහර සෞඛ්‍ය සේවකයෝ ඝාතනවලට පවා ලක් වූහ. 2009දී එරට ප්‍රචණ්ඩ ඉස්ලාමීය කණ්ඩායමක් වන ‘බොකෝ හරාම්’ සංවිධානය ඉස්මතු වීම එන්නත් වැඩසටහනේ තවත් පසුබෑමක් ඇති කළේ ය.
පෝලියෝ යනු සාමාන්‍යයෙන් අපවිත්‍ර ජලය හරහා පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිරෙන වෛරසයකි. එය ස්නායු පද්ධතියට පහර දීමෙන් අංශභාගය ඇති විය හැකි ය. 1996දී පෝලියෝ වෛරසය මහාද්වීපය පුරා ළමයින් 75,000කට වැඩි ප්‍රමාණයක් අක්‍රිය කළේ ය. එම වසරේ දී නෙල්සන් මැන්ඩෙලා විසින් ‘කික් පෝලියෝ අවුට් – අප්‍රිකා’ වැඩසටහන දියත් කරන ලදී. 1980 දශකයේ සිට පෝලියෝ එන්නත ලබා දීමේ මෙහෙයුමේ පෙරමුණ ගෙන කටයුතු කළ ‘රොටරි ඉන්ටර්නැෂනල්’ ඇතුළු කණ්ඩායම්වල සන්ධානයක් ඊට සහාය විය●
 
සහන් හේවාගමගේ

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

18 thoughts on “අප්‍රිකාවෙන් පෝලියෝ අවුට්

  1. For example, a meta-analysis published in the Journal of Sexual Medicine, which looked at 10 different randomized controlled trials, noted that arginine supplements may provide benefits for men with mild to moderate ED paxil or priligy 75 Mean peak plasma concentrations of dapoxetine, its metabolites and ethanol did not significantly change with co-administration and there were no clinically significant changes in ECGs, clinical laboratory results, physical examination and no serious AEs

  2. It is important to take the medication as directed in the patient s information leaflet supplied with the tablets and follow all relevant advice to achieve its full benefits buy cialis 5mg Based on modern evidence, the causes of PE have been found to be psychogenic and performance anxiety 1, 5

Leave a Reply

Your email address will not be published.

Previous post LP ගෑස් භාවිතය පුළුල් කිරීමේ වැඩසටහනක්
Next post මිනිස් ජීවිත ගැන ද නොසලකන ගුවන්තොටුපොළ රේඩාර් වංචාව