ශරියා විශ්වවිද්‍යාලය ගැන කෝප් කමිටු පරීක්ෂණ දිගටම

Read Time:2 Minute, 25 Second

බොහෝ දෙනා ශරියා විශ්වවිද්‍යාලය නමින් හඳුන්වන මඩකලපුව විශ්වවිද්‍යාලය පිළිබඳව අප්‍රේල් 21 දින ප‍්‍රහාරයෙන් අනතුරුව විශාල කතාබහක් ඇතිවිය. මේ තත්වය සැලකිල්ලට ගත් කෝප් කමිටුව පසුගිය විසිඑක්වෙනිදා අධ්‍යාපනය අමාත්‍යංශය, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම, වෘත්තීය පුහුණු අධිකාරිය සහ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතන කෝප් කමිටුව හමුවට කැඳවිණි. ශ‍්‍රී ලංකා හීරා පදනම විසින් කළ ඉල්ලීමකට අනුව මඩකලපුව විශ්වවිද්‍යාල පෞද්ගලික සමාගම යනුවෙන් ආයතනයක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙන බව ඒ පරීක්ෂණවලදී හෙළිවිය. හෙළිදරව් වුන ආකාරයට ඒම ආයතනය පෞද්ගලික ආයතනයක් ලෙස ආරම්භ කොට තිබෙන අතර අවස්ථා කිහිපයකදී නම වෙනස් කර තිබේ. මෙම හීරා පදනම අයත්ව තිබෙන්නේ වත්මන් නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාට සහ ඔහුගේ පුත‍්‍රයාටය. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාට කොටස් අයිතිය තිබෙන ආකාරයෙන් උක්ත ආයතනය ලියාපදිංචි කොට තිබෙන අතර එම කොටස් අයිතියද ගැටලූ සහගතය. එනම් ඇතැම් ලියකියවිලිවල 90% හා 10%වන අතර ඇතැම් ලියකියවිලි වල එය 95% සහ 5% ලෙස සඳහන් බවද හෙළිව තිබේ.

කෝප් කමිටුවේදීඅනාවරණය වුණු ආකාරයට මහවැලි අධිකාරිය විසින් මෙම ආයතනයට අදාළ ඉඩම මුදාහැර ඇති අතර වෘත්තීය පුහුණු අධිකාරිය ව්‍යාපෘතියට විරෝධය පළ කර තිබියදී ඩලස් අලහප්පෙරුම අදාළ අමාත්‍යවරයා ලෙසත් හිස්බුල්ලා හීරා පදනමේ සභාපති ලෙසත් ගිවිසුමට අත්සන් කර ඇති බවද පරීක්ෂණවලදී හෙළිව තිබේ. කෙසේ වෙතත් පරීක්ෂණ ඉදිරියට පැවැත් වෙන අතර ඉදිරියේදී හීරා පදනමත් , බැටිකලෝ යුනිවර්සිටි ප‍්‍රයිවට් ලිමිටඞ් ආයතනයේ පාලනාධිකාරියත්, මහවැලි අධිකාරියත් කෝප් කමිටුවට කැඳවීමට නියමිතය.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ඇමති අකිලගේ ටැබ් බෝම්බය
Next post බුද්ධිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් මේ විදිහට වැඩ කරන්නෙ නෑ