ඉස්ලාම් අන්තවාදයට එරෙහිව මුස්ලිම් තරුණයෝ විරෝධතාවයක

Read Time:3 Minute, 5 Second

මුස්ලිම් ෆේස්බුක් මිතුරෝ වැල්ලවත්ත වෙරළ තීරයේ 4/21 ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය හා පීඩාවට පත්වූවන්ට ශෝකය පළ කළහ. එමෙන්ම ඉස්ලාම් අන්තවාදයට විරුද්ධ විරෝධයක් ද වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසල පැවැත්වූහ.

වැල්ලවත්ත මුහුදු වෙරළේ කුරුසයක් නිරීමාණය කර මල් පුද කර විනාඩියක නිහඬව ශෝකය පළ කළහ. මෙම අවස්ථාවට කොළඹ ආශ්‍රිතව විවිධ කාර්යාලවල සේවය කරන මුස්ලිම් තරුණ තරුණියන් පනහකට වැඩි පිරිසක් එක්ව සිටීම විශේෂ ලක්ෂණයක් විය.

එම තරුණ තරුණියන් විසින් අන්තවාදයට විරුද්ධව පැවැත්වූ විරෝධයට සිංහල දෙමළ හා කතෝලිකයන් ද එක්ව සිටි අතර යොවුන් ගායිකා ෆාතිමා රම්සිනා ජෙපර් ඇතුලු කලාකරුවන් හා රාජ්‍ය අංශයේ රැකියා නියුක්තිකයන් ද සහභාගී වී සිටියහ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රගතිශීලී මුස්ලිම් සමාජයක් උදෙසා තරුණ එකමුතුවේ සම කැදවුම්කරු අර්ෂාද් නජිමුදීන් මෙසේ කියා සිටියේය. “කිසි ලෙසකින් එල්ල වුණු ත්‍ර්ස්ත ප්‍රහාරය අපි අනුමත කරන්නෙ නෑ. ප්‍රහාරයෙන් පීඩවට පත්වූවන්ට සාමයට ලැදී අපගෙ බලවත් කණගාටුව පිකාශ කරනවා. ඒ වගේම අපි අන්තවාදයට විරුද්ධව දැඩිව නැගී සිටිනව, මේ මොහොතේ සහෝදර ලාංකිකයන්ගෙ අපි ඉල්ලා සිටින්නෙ අපිව තනි නොකර අන්තවාදය පරාජය කිරීමට අප එක්වන ලෙසයි.”

“ප්‍රගතිශීලී මුස්ලිම් ප්‍රජාවට අපි ආරාධනා කරනවා මුස්ලිම් සමාජයට නායකත්වය දෙන්න ඉදිරියට එන්න කියලා. දැන් මුස්ලිම් සමාජය තුළ අන්තවාදීන්ගේ ආධිපත්‍යය බිදවැටිලා. ඒ නිසා නායකත්වයේ රික්තයක් තියෙනවා. ඒ රික්තය මධ්‍යස්ථ මතදාරි ප්‍රගතිශීලින් මුස්ලිම්වරු පුරවන්නෙ නැත්තම් නැවතත් ඒ ස්ථානය අන්තවාදීන් අත්කරගනීවි. එමගින් නැවැතත් ජීව බෝම්බ ඔවුන් නිෂ්පාදනය කරයි” යැයි ප්‍රගතිශීලී මුස්ලිම් සමාජයක් උදෙසා තරුණ එකමුතුවේ සම කැදවුම්කරු සකීෆ් සාම් වැඩිදුරටත් අවධාරණය කළේය.

එකිනෙකා නාදුනන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපයක් එක්ව සිදුකළ මෙම ශෝකය පළ කිරීමෙන් හා අන්තවාදයට විරෝධය දැක්වීමෙන් පසු අන්තවාදයන්ට විරුද්ධ වීමට ප්‍රතිඥා දෙමින් බැනර් අත්සන් කිරීමක් ද සිදු කරන ලැබීය.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post යළිත් දැනුණ කළු ජූලියක භීතිය
Next post දිවයිනේ හේමන්ත රන්දුණුගෙන් CIDයට දිගට හරහට ඇමතුම්