Oneworld වෙතින් පාරිභෝගික තොරතුරු මාලාවක්

Read Time:2 Minute, 9 Second
සංචාරය කිරීමේ දී සිය ගනුදෙනුකරුවන් අනුගමනය කළ යුතු සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ යාවත්කාලීන තොරතුරු සැපයීම සඳහා වන්වර්ල්ඞ් ගුවන් සේවා සන්ධානය විසින් තොරතුරු මාලාවක්  හඳුන්වා දී ඇත. එමඟින්  ගෝලීය ගුවන් සේවා  සන්ධානයේ සාමාජික ගුවන් සමාගම් ඔවුන්ගේ මඟීන්ගේ ආරක්ෂාව සහ රැකවරණය  වෙනුවෙන් ඇති කැපවීම තව දුරටත් අවධාරණය කරයි.

Oneworld.com මඟින් ලබාදෙන මෙම තොරතුරු කේන්ද්‍රය හරහා භූමියේ ක්‍රියාත්මක කර ඇති විවිධ සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග සහ වන්වර්ල්ඞ් සාමාජික ගුවන් සමාගම් මෙන්ම වන්වර්ල්ඞ් ගෝලීය ජාලයේ ප්‍රධාන ගුවන්තොටුපළවල් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා එකවර පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසේ.
සාමාජික ගුවන් සමාගම් විසින් හඳුන්වා දී ඇති ආරක්ෂිත ක්‍රියාමාර්ග අතරට සෘජු පිරික්සුම් ස්ථාන, ගුවන් යානා පිරිසිදු කිරීම, ගුවන්තොටුපළවල සහ විවේකාගාරවල පාරිභෝගික ස්පර්ශක ස්ථානවල දී ගත යුතු ක්‍රියාමාර්ග, සංචාරය සඳහා පිටත්වීමට පැමිණි පසු ගනු ලබන ක්‍රියාවලියේ දී පෞද්ගලික දුරස්ථභාවය වැනි තොරතුරු ඇතුළත් වේ.  ගුවන් යානාවල HEPA (ඉහළ කාර්යක්ෂමතාවකින් යුත් අංශු වාතය) භාවිතාකිරීම ඇතුළු පියවර ද  ඊට අමතරව ඇතුළත් වේ.
මෙම තොරතුරු කේන්ද්‍රය මඟින්, ගනුදෙනුකරුවන්ට තමන් කැමැති වන්වර්ල්ඞ් ගුවන් සේවාවක් විසින් ක්‍රියාත්මක කරනු ලබන සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ නවතම තොරතුරු පහසුවෙන් දැකගත හැකිය.
පුෂ්ප එපිටකඩුව

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post කැබලි වන යේමනයේ ඇටගැහෙන ජීවිත
Next post 80-83 ජූලිය ඇවිළුෑ කලාව සහ සාහිත්‍යය