ජනපති සිරිසේන සියල්ල නිලධාරීන් පිට පටවයි..! පොලිස්පති ඇතුළු හතරක් ගැන පූර්ණ විමර්ශනයක්

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ අතුරු වාර්තා දෙකක් ජනපති සිරිසේනගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත යොමුකර ඇත. ඉන් අනතුරුව නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට ලිපි දෙකක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ, පොලිස්පතිවරයාට එරෙහිව පූර්ණ අපරාධ විමර්ෂනයක් කඩිනමින් සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙසයි.
එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම්, ජාතික බුද්ධි ප්‍රධානී, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී සහ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යන අයට එරෙහිව පූර්ණ අපරාධ විමර්ශනයක් සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අදාළ ලිපිවලින් දන්වා යවා ඇත.
එම ලිපිවල වැඩිදුරටත් සදහන් වන්නේ, රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ජාතික පොලිස් කොමිසම හරහා විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා ලෙසයි.